ආමොස් 7:5 - Sinhala Revised Old Version එකල මම: ස්වාමිවූ දෙවියන්වහන්ස, නැවතුණ මැනව. යාකොබ් කුඩා නිසා ඔහු පවතින්නේ කෙසේදැයි කීවෙමි. Sinhala New Revised Version එවිට මම, “මහෝත්තම දෙවි ස්වාමීනි, නතර කළ මැනව; සෙනඟ ජීවත් වන්නේ කොහොම ද? ඔව්හු සුළු සෙනඟකි”යි යැදීමි. Sinhala New Revised Version 2018 එවිට මම, “මහෝත්තම දෙවි ස්වාමීනි, නතර කළ මැනව; සෙනඟ ජීවත් වන්නේ කොහොම ද? ඔව්හු සුළු සෙනඟකි”යි යැදීමි. |
සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර නුදුන්සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමානවන්නෙමුව.
ඒවායින් ස්තුති කිරීමද සන්තෝෂවන්නන්ගේ හඬද නික්මෙන්නේය. මම ඔවුන් ස්වල්පව නොසිටින හැටියට ඔවුන් වැඩිකර, ඔවුන් සුළුව නොසිටින හැටියට ඔවුන්ට ගෞරවකරන්නෙමි.
ඔවුන් පහරදෙද්දී මම ඉතිරිවී මුහුණින් වැටී: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! ඔබගේ කෝපය යෙරුසලම පිට වගුරුවන අතර ඉශ්‍රායෙල්වරුන්ගෙන් ඉතිරිව සිටින සියල්ලන්ම ඔබ නාස්තිකරනසේක්දැයි කියා මොරගැසීමි.
ස්වාමීන්වහන්සේගේ සේවකවූ පූජකයෝ ද්වාරමණ්ඩපය සහ පූජාසනය අතරෙහි සිට අඬමින්: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟට කරුණාකළ මැනව, ඔවුන් කෙරෙහි ජාතීන් විසින් ආණ්ඩුකරන හැටියට ඔබගේ උරුමය නින්දාවට පාවා නුදුන මැනව. ඔවුන්ගේ දෙවියන්වහන්සේ කොතනදැයි ජනයන් අතරේ මක්නිසා කියනු ලබන්නේදැයි කියත්වා.
මක්නිසාද කුඩා දේවල දවස හෙළාදැක්කේ කවුද? මේ සත වන ස්වාමීන්වහන්සේගේ ඇස් තුමූ සෙරුබ්බාබෙල්ගේ අතේ ලඹකැටය තිබෙනවා දැක ප්‍රීතිවන්නෝය; ඒවා පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවතියි කීය.
ඔබවහන්සේගේ දයාවේ මහත්කම ලෙසද මේ සෙනඟ මිසරයෙහි සිටින කාලයේ පටන් මේ දක්වා ඔබ මේ සෙනඟට කමාවුණාක් මෙන්ද මේ සෙනඟගේ අයුතුකමට කමාවුණමැනවයි කීවේය.