ස්වාමීන්වහන්සේ: මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගායන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි කීසේක.
ආමොස් 7:3 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඒ ගැන තැවුණුසේක. ඒක නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ සිය අරමුණ වෙනස් කොට, “නුඹ දුටු දේ සිදු නොවන්නේ ය”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ සිය අරමුණ වෙනස් කොට, “නුඹ දුටු දේ සිදු නොවන්නේ ය”යි වදාළ සේක. |
ස්වාමීන්වහන්සේ: මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගායන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි කීසේක.
දෙවියන්වහන්සේ යෙරුසලම විනාශකරන්ට දූතයෙකු යැවූසේක. ඔහු ඒක විනාශකරන්ට යන විට ස්වාමීන්වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කථාකොට: ඉතින් ඇත; නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේය.
නුමුත් අනුකම්පාවෙන් යුක්තවූ උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම කමා කළසේක, ඔවුන් විනාශ නොකළ සේක. එසේය, උන්වහන්සේ නොයෙක්විට තමන්ගේ කෝපය ඉවත හරවා, තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්ට නුදුන්සේක.
යූදාහි රජවූ හෙසකියා සහ සියලු යූදාවරු ඔහු මැරුවෝද? ඔහු ස්වාමීන්වහන්සේට භයව ස්වාමීන්වහන්සේට කන්නලව් නොකෙළේද? ස්වාමීන්වහන්සේද ඔවුන්ට විරුද්ධව කී විපත්තිය ගැන පසුතැවිලිවුණා නොවේද? මෙසේ අපි අපේම ප්‍රාණවලට විරුද්ධව මහත් නපුරක් කර ගන්නෙමුයයි කීවෝය.
නුඹලා මේ දේශයේම සිටින්නහු නම් මම නුඹලා කඩා නොදමා ගොඩනගන්නෙමි, නුඹලා උදුරා නොදමා හිටවන්නෙමි. මක්නිසාද මා විසින් නුඹලාට පැමිණෙනවු විපත්තිය ගැන තැවෙමි.
එප්‍රායිම්, මම කෙසේ නුඹ අත්හරින්නෙම්ද? ඉශ්‍රායෙල්, නුඹ කෙසේ පාවාදෙන්නෙම්ද? කෙසේ අද්මාට මෙන් නුඹට කරන්නෙම්ද? කෙසේ නුඹව ශෙබොයිම්ට සමකරන්නෙම්ද? මාගේ සිත මා තුළ හැරී, මාගේ අනුකම්පාව මුළුමනින්ම ඇවිළී තිබේ.
එසේය, නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගන, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න. මක්නිසාද උන්වහන්සේ දයාවන්තවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ කෙනෙක්ය; උන්වහන්සේ විපත්තිය ගැන තැවෙනසේක.
සමහරවිට උන්වහන්සේ හැරී ඇවිත් තැවී, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔප්පුකිරීමට ආහාර පූජාවක්ද පාන පූජාවක්ද අඩංගුවූ ආශීර්වාදයක් දීලා යනවා ඇද්දෝයි දන්නේ කවුද?
නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේමවී, දොරටුවෙහි යුක්තිය පිහිටුවන්න. සමහරවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ඉතිරි අයට දයාවෙනවා ඇත.
එවිට ඔවුන්ගේ ක්‍රියා–එනම් තමුන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව–දෙවියන්වහන්සේ දැක, ඔවුන්ට කරමියි කීවාවූ විපත්තිය ගැන තැවී, ඒක නොකළසේක.
එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.
එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.