එවිට ආසා තෙමේ දිවස් ඇත්තා කෙරෙහි කෝපව ඔහු හිරගෙයි දැමීය; මක්නිසාද ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස්ව සිටියේය. එම කාලයේම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩාකෙළේය.
ආමොස් 7:12 - Sinhala Revised Old Version තවද අමශියා ආමොස්ට කථාකොට: එම්බා දර්ශනකාරය, නුඹ යූදා දේශයට පලාගොස්, එහි කෑම කා, එහි අනාගතවාක්‍ය කියන්න. Sinhala New Revised Version අමසියා ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න. Sinhala New Revised Version 2018 අමසියා ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න. |
එවිට ආසා තෙමේ දිවස් ඇත්තා කෙරෙහි කෝපව ඔහු හිරගෙයි දැමීය; මක්නිසාද ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස්ව සිටියේය. එම කාලයේම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩාකෙළේය.
ඔව්හු දිවස් ඇත්තන්ට: නුඹලා දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: නුඹලා හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:
එසේය, ඒ බල්ලෝ ගිජුව, කිසිකලක තෘප්තියට නොපැමිණෙති; ඔව්හු විමසන්ට නොදන්න එඬේරුය. ඔවුන් එකිනෙකා තම තමාගේ ප්‍රයෝජනය පිණිස තම තමාගේම මාර්ගයට තීන්දුවටම හැරීගියෝය.
බොරු බස් අසන මාගේ සෙනඟට නුඹලා විසින් බොරුකීමෙන්, මරණය විඳින්ට සුදුසු නැති ප්‍රාණීන් මරමින්ද ජීවත්වීමට සුදුසු නැති ප්‍රාණීන් ජීවත්කරමින්ද නුඹලා යව අහුරුවලටත් රොටි කෑලිවලටත් මාගේ සෙනඟ අතරේ මා කෙලසූහුය.
එහෙත් නුඹලා නසරියයන්ට මුද්‍රිකපානය බොන්ට දුන්නහුය; අනාගතවාක්‍ය නොකියන්නැයි අනාගතවක්තෘවරුන්ට අණ කළහුය.
මක්නිසාද–යෙරොබොවම් කඩුවෙන් මැරෙන්නේය, ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ රටෙන් වහල්කමට යනවාම ඇත කියා ආමොස් කීවේයයි කීය.
අනේ නුඹලා මාගේ පූජාසනය පිට නිෂ්ඵලලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසාතබන කෙනෙක් නුඹලා අතරේ ඇත්නම් හොඳය! නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත, නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
එකල ඒ මුළු නුවර වැසියෝ යේසුස්වහන්සේ සම්මුඛවීමට ඇවිත්, උන්වහන්සේ දැක, ඔවුන්ගේ සීමාවලින් අහක්වයන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.
ඒ පැයේදීම ඵරිසිවරුන්ගෙන් සමහරෙක් ඇවිත්: මෙයින් අහක්ව ගිය මැනව. මක්නිසාද හෙරොද් ඔබ මරන්ට කැමතිව සිටින්නේයයි උන්වහන්සේට කීවෝය.
මක්නිසාද එබඳු අය අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේට නොව තමුන්ගේම බඩට සේවයකරමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අවංක අයවලුන්ගේ සිත් මුළාකරති.
නුමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළි නොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මිකලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.
නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,
තවද නුඹේ වංශයෙහි ඉතුරුවෙන හැමදෙනා රිදී මිලයක්ද රොටියක්ද ලබාගන්න පිණිස ඇවිත් ඔහු ඉදිරියේ වැඳ වැටී: අනේ රොටී කෑල්ලක් කන පිණිස පූජක තනතුරකට මා පත්කළ මැනවැයි කියනවා ඇත කියා කියනසේකැයි කීවේය.
(පෙර කාලයේදී ඉශ්‍රායෙල්හි මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් විචාරන්ට යන විට: දිවස් ඇත්තා ළඟට යමුයයි කියන්නේය. මක්නිසාද දැන් අනාගතවක්තෘය කියන තැනැත්තාට පෙර කාලයේදී දිවස් ඇත්තායයි කීවෝය.)