ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 9:11 - Sinhala Revised Old Version

එවිට ශීබා: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ මෙහෙකරුවාට අණකරන සියල්ල ලෙස ඔබගේ මෙහෙකරුවා කරන්නේයයි රජුට කීවේය. මෙපිබොෂෙත් වනාහි රාජ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකු මෙන් රජුගේ මේසයේ කෑම කෑවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ශීබා කතා කරමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් තමන්ගේ වැඩකරුවාට අණ කරන සියල්ල ලෙස ඔබේ මෙහෙකරුවා කරන්නේ ය”යි රජුට කීවේ ය. මෙපිබොෂෙත් වනාහි රාජ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු මෙන් රජු සමඟ එකට වාඩි වී කෑම කෑවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට ශීබා කතා කරමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් තමන්ගේ වැඩකරුවාට අණ කරන සියල්ල ලෙස ඔබේ මෙහෙකරුවා කරන්නේ ය”යි රජුට කීවේ ය. මෙපිබොෂෙත් වනාහි රාජ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු මෙන් රජු සමඟ එකට වාඩි වී කෑම කෑවේ ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 9:11
8 හුවමාරු යොමු  

රජුගේ සේවකයෝ රජුට කථාකොට: අපගේ ස්වාමිවූ රජ්ජුරුවන් නියමකරන කොයි දෙයක් නුමුත් කරන්ට ඔබගේ සේවකයෝ සෑදී සිටිතියි කීවෝය.


ඔහු සමඟ බෙන්යමින් මනුෂ්‍යයන් දහසක්ද සාවුල්ගේ වංශයේ සේවකයෙක්වූ ශීබාද ඔහු සමඟ තමාගේ පුත්‍රයෝ පහළොස්දෙනාද තමාගේ වැඩකාරයන් විසිදෙනාද සිටියෝය; ඔව්හු රජු ඉදිරියෙහි යොර්දාන මැදින් ගියෝය.


සාවුල්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් රජුගේ පෙරමගට ආයේය; ඔහු රජු ගිය දා පටන් සමාදානයෙන් ආ දවස දක්වා තමාගේ පාදත් රැවුලත් හරිගස්සා ගත්තේවත් තමාගේ ඇඳුම් සේදුවේවත් නැත.


ඔහු උත්තරදෙමින්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මාගේ වැඩකාරයා මා රැවටුවේය. මක්නිසාද ඔබගේ මෙහෙකරුවා කොර බැවින්–කොටළුවෙකු සූදානම්කරගන ඌ පිට නැගී රජ්ජුරුවන් සමඟ යමියි ඔබගේ මෙහෙකරුවා කීවේය.


එබැවින් නුඹේ ස්වාමිහුගේ පුත්‍රයාට ආහාර කන්නට ලැබෙන පිණිස නුඹ සහ නුඹේ පුත්‍රයෝද නුඹේ වැඩකාරයෝද ඔහු උදෙසා ඒ බිම් වගාකොට එහි අස්වැන්න ගෙනෙන්න. නුමුත් නුඹේ ස්වාමිහුගේ පුත්‍රවූ මෙපිබොෂෙත් මාගේ මේසයේ නිතරම කෑම කනවා ඇතැයි කීවේය. ශීබාට පුත්‍රයන් පසළොස්දෙනෙක් හා වැඩකාරයන් විසිදෙනෙක් සිටියෝය.


මෙපිබොෂෙත්ට මීකා නම් බාල පුත්‍රයෙක් විය. ශීබාගේ ගෙයිවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයෝව සිටියෝය.


මෙලෙස මෙපිබොෂෙත් යෙරුසලමේ විසීය. මක්නිසාද ඔහු රජුගේ මේසයේ නිතරම කෑම කෑවේය; ඔහුගේ දෙපයම කොරව තිබුණේය.