Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 15:15 - Sinhala Revised Old Version

15 රජුගේ සේවකයෝ රජුට කථාකොට: අපගේ ස්වාමිවූ රජ්ජුරුවන් නියමකරන කොයි දෙයක් නුමුත් කරන්ට ඔබගේ සේවකයෝ සෑදී සිටිතියි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 රජුගේ සේවකයෝ රජුට කතා කොට, “අපේ ස්වාමීන් වන රජ්ජුරුවන් නියම කරන කවර දෙයක් වුව ද කරන්නට ඔබේ සේවකයෝ සැරසී සිටිති”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 රජුගේ සේවකයෝ රජුට කතා කොට, “අපේ ස්වාමීන් වන රජ්ජුරුවන් නියම කරන කවර දෙයක් වුව ද කරන්නට ඔබේ සේවකයෝ සැරසී සිටිති”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:15
8 හුවමාරු යොමු  

එවිට දාවිත් යෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කථාකොට: අපි පිටත්ව පලායමු; නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් ගැළවෙන්නේ නැත. ඔහු වහාම අප කරා පැමිණ අප පිටට අනතුරු පමුණුවා, කඩුමුවහතින් නුවරට පහරනොදෙන පිණිස, යන්ට ඉක්මන්කරන්නැයි කීවේය.


එවිට රජුද ඔහු අනුව ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද පිටත්ව ගියෝය. උප භාර්යාවන්වූ ස්ත්‍රීන් දසදෙනෙක් රජ තෙමේ ගෙදර බලාගැනීමට නවත්වා ගියේය.


එවිට ශීබා: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ මෙහෙකරුවාට අණකරන සියල්ල ලෙස ඔබගේ මෙහෙකරුවා කරන්නේයයි රජුට කීවේය. මෙපිබොෂෙත් වනාහි රාජ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකු මෙන් රජුගේ මේසයේ කෑම කෑවේය.


බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.


මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.


ඔහුගේ ආයුධ ගෙනයන්නාද: නුඹේ සිතේ තිබෙන සියල්ල කරන්න. එහි යමු, නුඹේ සිතේ හැටියටම මම නුඹ සමඟ සිටිමියි ඔහුට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්