තවද තීර්හි රජවූ හීරාම් පණිවිඩකාරයන්ද කිහිරි ලීද වඩුවන්ද ගල් වඩුවන්ද දාවිත් වෙතට එවුවේය. ඔව්හු දාවිත්ට ගෙයක් ගොඩනැගුවෝය.
2 සාමුවෙල් 7:1 - Sinhala Revised Old Version රජුගේ සියලු සතුරන්ගෙන් ස්වාමීන්වහන්සේ ඔහුට හාත්පසින්ම නිදහස දුන්නායින් පසු ඔහු තමාගේ ගෘහයේ වාසයකරන අතර, Sinhala New Revised Version දාවිත් රජුගේ සියලු සතුරන්ගෙන් සමිඳාණන් වහන්සේ ඔහුට හැම අතින් ම නිදහස දුන් පසු, ඔහු සිය නිවෙසෙහි වාසය කෙළේ ය. Sinhala New Revised Version 2018 දාවිත් රජුගේ සියලු සතුරන්ගෙන් සමිඳාණන් වහන්සේ ඔහුට හැම අතින් ම නිදහස දුන් පසු, ඔහු සිය නිවෙසෙහි වාසය කෙළේ ය. |
තවද තීර්හි රජවූ හීරාම් පණිවිඩකාරයන්ද කිහිරි ලීද වඩුවන්ද ගල් වඩුවන්ද දාවිත් වෙතට එවුවේය. ඔව්හු දාවිත්ට ගෙයක් ගොඩනැගුවෝය.
මුලදී කළ ලෙසද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි විනිශ්චයකාරයන් පත්කළ කාලයේ සිට කළ ලෙසද දුෂ්ටකමේ දරුවෝ තවත් ඔවුන්ට පීඩා නොකරන්නෝය. නුඹේ සියලු සතුරන්ගෙන් නුඹට නිදහස ලැබෙන්ට සලස්වන්නෙමි. ඇරත් ස්වාමීන්වහන්සේ නුඹට වංශයක් සාදාදෙන බව ස්වාමීන්වහන්සේ නුඹට දන්වන සේක.
නුමුත් දැන් මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හැම අතින් ම මට නිශ්චලතාව දී තිබේ; එදිරිකාරයෙක්වත් අශුභ සිද්ධියක්වත් නැත්තේය.
එවිට ඔහු තමාගේ පුත්‍රවූ සාලමොන් කැඳවා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට ඔහුට අණකෙළේය.
දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට කථාකොට: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මාගේ සිතේ තිබුණේය.
එකල දාවිත් රජ නැගී සිට කථාකොට: මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තැබීමටද අපේ දෙවියන්වහන්සේගේ පාපුටුව කොටද විශ්‍රාම නිවාසයක් ගොඩනගන්ට මාගේ සිතේ තිබුණේය; ඒක ගොඩනැගීමට මා විසින් සූදානම්කරලාත් තිබුණේය.
තවද ඔහු යූදාහි බලකොටු නුවරවල් ගොඩනැගුවේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහුට නිවාඩුව දුන් බැවින් දේශය නිශ්චලව තිබුණාය, ඒ අවුරුදුවල ඔහුට යුද්ධයක් නොවීය.
මෙසේ යෙහෝෂාපාට්ගේ රාජ්‍යය නිශ්චලව තිබුණේය. මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේ හාත්පසින්ම ඔහුට සමාදානය දුන්සේක.
මනුෂ්‍යයෙකුගේ මාර්ගවලට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමඟිකරවනසේක.
ඔහු දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි කරුණාව ලැබ, යාකොබ්ගේ දෙවියන්වහන්සේට වාසස්ථානයක් සාදන්ට ඉල්ලුවේය.
ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් උන්වහන්සේ ඔවුන්ට විශ්‍රාම දුන්සේක. ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් කිසිවෙකුට ඔවුන්ට විරුද්ධව සිටින්ට නොහැකිවිය; ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට පාවාදුන් සේක.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් වටකර සිටිය ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට විශ්‍රාමය දී බොහෝ කලකට පසු, යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටියදී,