පසුගිය කාලයේ සාවුල් අප කෙරෙහි රජ ව සිටි කල්හි ඉශ්‍රායෙල්වරුන් පිටතට ගෙනගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබමය. ස්වාමීන්වහන්සේ ඔබට කථාකොට–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනය කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි කීසේකැයි කීවෝය.
2 සාමුවෙල් 6:21 - Sinhala Revised Old Version දාවිත් මීඛල්ට කථාකොට: ඒ සිද්ධවුණේ ස්වකීය සෙනඟ වන ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි අධිපතියා කොට පත්කරන පිණිස නුඹේ පියාත් ඔහුගේ මුළු වංශයත් පහකොට මා තෝරාගත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිය. ඒ නිසා මම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ක්‍රීඩාකරන්නෙමි, Sinhala New Revised Version දාවිත් මීකල්ට කතා කොට, “එසේ කරන ලද්දේ, සිය සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට පත් කරන පිණිස ඔබේ පියාත්, ඔහුගේ මුළු වංශයත් පහ කොට මා තෝරාගත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ය. ඒ නිසා මම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නටන්නෙමි. Sinhala New Revised Version 2018 දාවිත් මීකල්ට කතා කොට, “එසේ කරන ලද්දේ, සිය සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට පත් කරන පිණිස ඔබේ පියාත්, ඔහුගේ මුළු වංශයත් පහ කොට මා තෝරාගත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ය. ඒ නිසා මම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නටන්නෙමි. |
පසුගිය කාලයේ සාවුල් අප කෙරෙහි රජ ව සිටි කල්හි ඉශ්‍රායෙල්වරුන් පිටතට ගෙනගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබමය. ස්වාමීන්වහන්සේ ඔබට කථාකොට–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනය කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි කීසේකැයි කීවෝය.
තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙන කල සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනවා දැක, ඇගේ සිතින් ඔහු හෙළාදැක්කාය.
මම ඊටත් වඩා නීචව මාගේම ඇස් ඉදිරිපිට පහත්වන්නෙමි. නුමුත් නුඹ කී දාසීන්ගෙන් නම් ගෞරව ලබන්නෙමියි කීවේය.
දාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ.
එබැවින් දැන් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියන්න, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස බැටළු ගාලෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද නුඹ ගත්තෙමි.
ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙනවිට, සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා රජවූ දාවිත් පනිනවාත් නටනවාත් දැක, ඇගේ සිතින් ඔහු හෙළා දැක්කාය.
උන්වහන්සේ ඔහු අහක්කොට, දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටෙවුසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂිදෙමින්: යෙස්සේගේ පුත්‍රවූ, මාගේ සිතට එකඟ මනුෂ්‍යයෙක්වූ, මාගේ මුළු කැමැත්ත කරන්නාවූ දාවිත් මට සම්බවීයයි කීසේක.
නුමුත් දැන් නුඹේ රජකම පවතින්නේ නැත. ස්වාමීන්වහන්සේ නුඹට අණකළ දේ නුඹ රක්ෂානොකළ බැවින් උන්වහන්සේ තමන්ගේ සිතට එකඟවූ මනුෂ්‍යයෙකු සොයාගන තමන්ගේ සෙනඟ කෙරෙහි අධිපතියා වෙන්ට ඔහු නියමකර තිබේයයි කීවේය.
සාමුවෙල් ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ අද ඉශ්‍රායෙල් රජකම නුඹෙන් පැහැරගෙන නුඹට වඩා යහපත්වූ නුඹේ අසල්වාසියෙකුට දී තිබේ.
ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.
එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්වීය. ඔහු රතුපාටව, ශෝභමාන පෙනීමක් ඇතුව, රූප සම්පන්නව සිටියේය. ස්වාමීන්වහන්සේ: නැගිට මොහු ආලේපකරන්න, මොහු ඒ තැනැත්තායයි කීසේක.