Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 6:20 - Sinhala Revised Old Version

20 දාවිත්ද තමාගේ ගෙයි වැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරීගියේය. සාවුල්ගේ දූවූ මීඛල් දාවිත්ගේ පෙරමගට අවුත් කථාකොට: කමකට නැති කෙනෙක් ලජ්ජා නැතිව තමාගේ ඇඳුම් ගළවා දමන්නාක් මෙන් අද තමාගේ මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගළවාදැමූ ඉශ්‍රායෙල් රජතුමා අද කොපමණ තේජවත් නොවීදැයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 දාවිත් ද තමන්ගේ ගෙවැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරී ගියේ ය. සාවුල්ගේ දුව වන මීකල් දාවිත්ගේ පෙරමඟට අවුත් කතා කොට, “කමකට නැති කෙනෙකු විලි ලජ්ජා නැති ව තමාගේ ඇඳුම් ගලවා දමන්නා සේ අද සිය මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගලවා දැමූ ඉශ්රායෙල් රජතුමා අද තේජවන්ත වී සිටින හැටි පුදුම ය”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 දාවිත් ද තමන්ගේ ගෙවැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරී ගියේ ය. සාවුල්ගේ දුව වන මීකල් දාවිත්ගේ පෙරමඟට අවුත් කතා කොට, “කමකට නැති කෙනෙකු විලි ලජ්ජා නැති ව තමාගේ ඇඳුම් ගලවා දමන්නා සේ අද සිය මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගලවා දැමූ ඉශ්රායෙල් රජතුමා අද තේජවන්ත වී සිටින හැටි පුදුම ය”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 6:20
23 හුවමාරු යොමු  

තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙන කල සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනවා දැක, ඇගේ සිතින් ඔහු හෙළාදැක්කාය.


දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය.


තවද ඔව්හු බාල්-බෙරීත්ගේ ගෘහයෙන් රිදී මිල සැත්තෑවක් ඔහුට දුන්නෝය. එයින් අබිමෙලෙක් තමා කැටුව යන පිණිස කමකට නැති චණ්ඩි මිනිසුන් කුලියට ගත්තෝය.


උන්වහන්සේගේ නෑයෝ ඒ අසා, උන්වහන්සේට ඔල්මාදයයි කියා උන්වහන්සේ අල්ලන්ට ගියෝය.


නුවණැතිව නිර්දෝෂ මාර්ගයක හැසිරෙන්නෙමි. ඔබ කවදා මා වෙත එනසේක්ද? මම නිදොස් සිතකින් මාගේ ගෙයි හැසිරෙන්නෙමි.


ස්වාමිනි, ඔබ වර්ණනාකරමි; මක්නිසාද ඔබ මා උසස්කළසේක, මාගේ සතුරන්ට මා සඳහා ප්‍රීතිවෙන්ට නුදුන්සේක.


ඔව්හු මෝඩයන්ගේ පුත්‍රයෝය; එසේය, නීචයන්ගේ පුත්‍රයෝය; ඔව්හු දේශයෙන් තල්ලුකරදමනු ලැබුවෝය.


පසුව මුළු සෙනඟ තම තමුන්ගේ ගෙදරවලට ගියෝය. දාවිත් තමාගේ ගෙදරවාසීන්ට ආශීර්වාදකරන පිණිස හැරීගියේය.


දාවිත් දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකර තීන්දුකළ පසු සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාදකෙළේය.


ස්වාමීන්වහන්සේට සේවයකිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්–මමද මාගේ පවුලද–ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.


උන්වහන්සේ සීමොන් පේතෘස් ළඟට ආසේක. ඔහු: ස්වාමීනි, ඔබ මාගේ පාද සෝදනසේක්දැයි කීවේය.


පේතෘස් මළුවෙහි පහළ සිටියදී උත්තම පූජකයාගේ මෙහෙකාර තරුණියන්ගෙන් එක්කෙනෙක් ඇවිත්


සාවුල්ගේ පුත්‍රයෝනම් යොනාතාන්ද ඉශ්වීද මල්කීෂුවාද යන මොව්හුය. ඔහුගේ දූවරුන් දෙදෙනාගේ නාම මේය: වැඩිමහල් දුවගේ නම මේරබ්ය, බාල දුවගේ නම මීඛල්ය.


තවද ඔහු මුළු සෙනඟට එනම් ඉශ්‍රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාටත් ස්ත්‍රීටත් රොටියකුත් මස් කැබෙල්ලකුත් වියළි මුද්‍රිකඵල කැටියකුත් දුන්නේය. එවිට මුළු සෙනඟ තම තමුන්ගේ ගෙවලට ගියෝය.


පමණට වඩා දුෂ්ටව නොසිටින්න, අඥානයෙක්ද නොවෙන්න. නුඹේ කාලයට පළමුවෙන් නුඹට නසින්ට වෙන්නේ මක්නිසාද?


තවද සාවුල්ගේ දුවවූ මීඛල් දාවිත්ට ආදරේවූවාය. ඒ බව සාවුල්ට දන්වන ලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්