ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 4:12 - Sinhala Revised Old Version

දාවිත් තමාගේ යෞවනයන්ට අණ දුන්නේය, ඔව්හු ඔවුන් මරා, ඔවුන්ගේ අත් පා කපාදමා, හෙබ්‍රොන්හි පොකුණ ළඟ එල්ලා තැබුවෝය. නුමුත් ඔව්හු ඊෂ්-බොෂෙත්ගේ හිස රැගෙන හෙබ්‍රොන්හි තිබුණු අබ්නේර්ගේ සොහොනේ තැන්පත් කළෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් තමාගේ තරුණයන්ට අණ දුන්නේ ය; ඔව්හු ඔවුන් මරා, ඔවුන්ගේ අත් පා කපාදමා හෙබ්‍රොන්හි පොකුණ ළඟ එල්ලා තැබූ හ. එහෙත්, ඔව්හු ඊෂ්-බොෂෙත්ගේ හිස රැගෙන හෙබ්‍රොන්හි තිබුණු අබ්නේර්ගේ සොහොනේ තැන්පත් කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දාවිත් තමාගේ තරුණයන්ට අණ දුන්නේ ය; ඔව්හු ඔවුන් මරා, ඔවුන්ගේ අත් පා කපාදමා හෙබ්‍රොන්හි පොකුණ ළඟ එල්ලා තැබූ හ. එහෙත්, ඔව්හු ඊෂ්-බොෂෙත්ගේ හිස රැගෙන හෙබ්‍රොන්හි තිබුණු අබ්නේර්ගේ සොහොනේ තැන්පත් කළහ.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 4:12
8 හුවමාරු යොමු  

තරුණයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: නුඹ ගොස් ඔහුට පහරදෙන්නැයි කීය. ඔහුද පහරදී ඔහු මැරුවේය.


සාවුල් වෙනුවට රජවුණාවූ නුඹ පිටට ස්වාමීන්වහන්සේ සාවුල්ගේ පවුලේ සියල්ලන්ගේ ලේ පමුණුවා, නුඹේ පුත්‍රවූ අබ්සලොම් අතට රජකම භාරදුන්සේක. ඔන්න, නුඹ විපත්තියට අසුවී ඉන්නෙහිය, මක්නිසාද නුඹ මිනිමරුවෙක්යයි කීවේය.


තවද නේර්ගේ පුත්‍රවූ, සාවුල්ගේ සේනාපතිවූ අබ්නේර් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් කැඳවාගන මහනායිම්ට ගොස්,


ගිබියොන්වරුන් අතට පාවාදුන්නේය, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝය, මෙසේ ඒ සත්දෙනා එකවිටම වැටුණෝය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්ට පටන්ගන්න කාලයේ පළමුවෙනි දවස්වලදීය.


ඔව්හු අබ්නේර් හෙබ්‍රොන්හි තැන්පත්කළෝය. රජ ශබ්ද නගා අබ්නේර්ගේ සොහොන්පළ ළඟදී ඇඬීය. මුළු සෙනඟද ඇඬුවෝය.


නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක. මිනීමරුවූ කපටි මනුෂ්‍යයෝ තමුන්ගේ ආයුසයෙන් අර්ධයක්වත් ජීවත් නොවන්නෝය; එහෙත් මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.