Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 2:8 - Sinhala Revised Old Version

8 තවද නේර්ගේ පුත්‍රවූ, සාවුල්ගේ සේනාපතිවූ අබ්නේර් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් කැඳවාගන මහනායිම්ට ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 2:8
18 හුවමාරු යොමු  

සාවුල්ගේ භාර්යාවගේ නම අහීනොවම්ය, ඈ අහීමයශ්ගේ දුවය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර්ය, ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයාය.


යාකොබ් ඔවුන් දුටු විට: මේ දෙවියන්වහන්සේගේ සේනාවය කියා ඒ ස්ථානයට මහනායිම් යන නම තැබීය.


නේර්ට දාව කීෂ්ද කීෂ්ට දාව සාවුල්ද සාවුල්ට දාව යොනාතාන්ද මල්කී-ෂුවාද අබිනාදාබ්ද එෂ්බාල්ද උපන්නෝය.


නේර්ට දාව කීෂ්ද කීෂ්ට දාව සාවුල්ද සාවුල්ට දාව යොනාතාන්ද මල්කී-ෂුවාද අබිනාදාබ්ද එෂ්බාල්ද උපන්නෝය.


තවද දාවිත් සෙනඟටත් නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ටත් හඬගසා: අබ්නේර්, නුඹ උත්තර නොදෙන්නෙහිදැයි කීය. එවිට අබ්නේර් උත්තරදෙමින්: රජ්ජුරුවන්ට හඬගසන නුඹ කවුදැ යි ඇසුවේය.


දාවිත් පිලිස්තියයාට විරුද්ධව පිටත්ව යනවා සාවුල් දැක සේනාවේ අධිපතියාවූ අබ්නේර්ට කථාකොට: අබ්නේර්, මේ තරුණයා කාගේ පුත්‍රයාදැයි ඇසුවේය. අබ්නේර්: රජ්ජුරුවනි, ඔබගේ ප්‍රාණය ජීවත්වන බව සැබෑවා සේම මම නොදනිමියි කීවේය.


ගාද් ගෝත්‍රයෙන්, මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ එහි පිට-බිම්ද


එබැවින් නුඹලාගේ අත් බලවත් වේවා. නුඹලා වික්‍රමාන්විතව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමිවූ සාවුල් මළේය, ඇරත් යූදා වංශය තමුන් කෙරෙහි රජකොට මා ආලේපකෙළේයයි කියන්ට කීවේය.


අබ්නේර් සහ ඔහුගේ මිනිස්සු ඒ රාත්‍රිය මුළුල්ලෙහි අරබා සමභූමිය මැදින් ගොස්, යොර්දානෙන් එගොඩව, මුළු බිත්රොන් මැදින් ගොස්, මහනායිම්ට පැමුණුණෝය.


සාවුල්ගේ වංශයද දාවිත්ගේ වංශයද අතරේ යුද්ධය පැවතෙද්දී අබ්නේර් සාවුල්ගේ වංශය උදෙසා බලවත් විය.


දාවිත් මහනායිම්ට ආයේය. අබ්සලොම්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද යොර්දානෙන් එගොඩට ගියෝය.


සාවුල්ගේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ගෙන් තුන්දහසක්ය. ඔවුන්ගෙන් වැඩි කොටස මේ වන තුරු සාවුල්ගේ වංශයට පක්ෂව සිටියෝය.


තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.


රජ්ජුරුවෝ තමාගේ සේවකයන්ට කථාකොට: අද දවසේ ඉශ්‍රායෙල්හි අධිපතියෙක්ද උත්තමයෙක්ද වැටුණු බව නුඹලා දන්නේ නැද්ද?


එප්‍රායිම් පුත්‍රයන්ගෙන් බලවන්තයෝව තමුන්ගේ පිය වංශවල කීර්තිමත් මනුෂ්‍යයෝව සිටි විසිදාස් අටසිය දෙනෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්