මම නුඹේ ස්වාමිහුගේ වංශයද නුඹේ ළයට නුඹේ ස්වාමිහුගේ භාර්යාවන්ද දුනිමි; ඉශ්‍රායෙල් සහ යූදා වංශයත් නුඹට දුනිමි; ඒ මදිනම් මම තවත් මේ මේ ආකාර දේ නුඹට දෙන්නෙමි.
2 සාමුවෙල් 3:7 - Sinhala Revised Old Version අයාගේ දූවූ රිශ්පා නම් උප භාර්යාවක් සාවුල්ට සිටියාය. ඊෂ්-බොෂෙත්ද: නුඹ මාගේ පියාණන්ගේ උප භාර්යාව වෙතට පැමුණුණේ මන්දැයි අබ්නේර්ට කීවේය. Sinhala New Revised Version ආයාගේ දුව වන රිශ්පා නම් උපභාර්යාවක් සාවුල්ට සිටියා ය. “ඔබ මාගේ පියාගේ උපභාර්යාව සමඟ සයනය කෙළේ මන්දැ”යි ඊෂ්-බොෂෙත් අබ්නේර්ගෙන් ඇසී ය. Sinhala New Revised Version 2018 ආයාගේ දුව වන රිශ්පා නම් උපභාර්යාවක් සාවුල්ට සිටියා ය. “ඔබ මාගේ පියාගේ උපභාර්යාව සමඟ සයනය කෙළේ මන්දැ”යි ඊෂ්-බොෂෙත් අබ්නේර්ගෙන් ඇසී ය. |
මම නුඹේ ස්වාමිහුගේ වංශයද නුඹේ ළයට නුඹේ ස්වාමිහුගේ භාර්යාවන්ද දුනිමි; ඉශ්‍රායෙල් සහ යූදා වංශයත් නුඹට දුනිමි; ඒ මදිනම් මම තවත් මේ මේ ආකාර දේ නුඹට දෙන්නෙමි.
තවද නේර්ගේ පුත්‍රවූ, සාවුල්ගේ සේනාපතිවූ අබ්නේර් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් කැඳවාගන මහනායිම්ට ගොස්,
ඔහු: ෂුනම්මිය අබිෂග් මට භාර්යාකොට දෙන ලෙස සාලමොන් රජුට කථාකළ මැනවි, මක්නිසාද ඔහු නුඹේ ඉල්ලීම ඉෂ්ටනොකර නොසිටින්නේයයි කීවේය.