ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 3:16 - Sinhala Revised Old Version

ඇගේ පුරුෂයා ඈ සමඟ ගොස් බහුරීම් දක්වා ඈ පස්සේ අඬ අඬා ගියේය. එවිට අබ්නේර්: හැරී යන්නැයි ඔහුට කීය. ඔහු හැරී ගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඇගේ පුරුෂයා බහුරීම් නගරය දක්වා ඈ පස්සේ අඬ අඬා ගියේ ය. එවිට “හැරී යන්නැ”යි අබ්නේර් ඔහුට කී ය. ඔහු හැරී ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඇගේ පුරුෂයා බහුරීම් නගරය දක්වා ඈ පස්සේ අඬ අඬා ගියේ ය. එවිට “හැරී යන්නැ”යි අබ්නේර් ඔහුට කී ය. ඔහු හැරී ගියේ ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 3:16
9 හුවමාරු යොමු  

දාවිත් රජ බහුරීම්ට ආ කල, සාවුල්ගේ වංශ-පෙළපතට අයිතිවූ, ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි නම් මනුෂ්‍යයෙක් එතැනින් පිටත්වී දෙස් කිය කියා යමින්,


නුමුත් තරුණයෙක් ඔවුන් දැක අබ්සලොම්ට දැන්නුවේය. ඔවුන් දෙදෙනාම ඉක්මනින් ගොස් බහුරීම්හි මනුෂ්‍යයෙකුගේ ගෙදරට පැමුණුණෝය; ඔහුගේ මිදුලෙහි ළිඳක් තිබුණේය; ඔව්හු ඒකට බැස්සෝය.


තවද බහුරීම්හි බෙන්යමිය ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි ඉක්මන්කර යූදා මනුෂ්‍යයන් සමඟ දාවිත් රජුගේ පෙරමගට බැස ආවේය.


ඔහු සමඟ බෙන්යමින් මනුෂ්‍යයන් දහසක්ද සාවුල්ගේ වංශයේ සේවකයෙක්වූ ශීබාද ඔහු සමඟ තමාගේ පුත්‍රයෝ පහළොස්දෙනාද තමාගේ වැඩකාරයන් විසිදෙනාද සිටියෝය; ඔව්හු රජු ඉදිරියෙහි යොර්දාන මැදින් ගියෝය.


අර්බාතිය අබී-යල්බොන්ය, බර්හුමිය අස්මාවෙත්ය;


ඊෂ්-බොෂෙත් මිනිසුන් යවා, ඇගේ පුරුෂයා වන ලායිෂ්ගේ පුත්‍රවූ පල්ටියෙල් වෙතින් ඈ ගෙන්නෙවුවේය.


තවද බහුරීම්හි බෙන්යමිය ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි නුඹ ළඟ සිටියි. මා මහනායිම්ට ගිය දවසේදී ඔහු තදබල ලෙස මට දෙස් කීවේය. එහෙත් ඔහු යොර්දාන් ළඟදී මාගේ පෙරමගට ආවේය, මමද–නුඹ කඩුවෙන් නොමරන්නෙමියි ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුළෙමි.


නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් ඔවුන් පෙරමගට මිශ්පා සිට පිටත්වී අඬ අඬා ගියේය. ඔවුන් මුණගැසුණු විට: අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට එන්නැයි ඔහු ඔවුන්ට කීවේය.