ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 24:10 - Sinhala Revised Old Version

දාවිත් සෙනඟ ගණන්කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබුවේය. දාවිත් ස්වාමීන්වහන්සේට කථාකොට: මම මේ දේ කිරීමෙන් බොහෝසෙයින් පව්කෙළෙමි. දැන් ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව; මක්නිසාද බොහෝ අනුවණ ලෙස ක්‍රියාකෙළෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් සෙනඟ ගණන් කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබී ය. දාවිත් සමිඳාණන් වහන්සේට කතා කොට, “මම මේ දේ කිරීමෙන් බොහෝ සෙයින් පව් කෙළෙමි. දැන් සමිඳුනි ඔබේ මෙහෙකරුවාගේ අපරාධ පහ කළ මැනව; මන්ද, මම බොහෝ අනුවණ ලෙස ක්‍රියා කෙළෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දාවිත් සෙනඟ ගණන් කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබී ය. දාවිත් සමිඳාණන් වහන්සේට කතා කොට, “මම මේ දේ කිරීමෙන් බොහෝ සෙයින් පව් කෙළෙමි. දැන් සමිඳුනි ඔබේ මෙහෙකරුවාගේ අපරාධ පහ කළ මැනව; මන්ද, මම බොහෝ අනුවණ ලෙස ක්‍රියා කෙළෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 24:10
27 හුවමාරු යොමු  

එවිට දාවිත්: මම ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමියි නාතාන්ට කීය. නාතාන්ද: ස්වාමීන්වහන්සේ නුඹේ පාපය පහකළසේක, නුඹ නොනස්නෙහිය.


දාවිත්ද සෙනඟට පහර දෙන දූතයා දැක ස්වාමීන්වහන්සේට කථාකොට: මම පව්කෙළෙමි, මම අපරාධකෙළෙමි. නුමුත් මේ බැටළුවෝ කුමක් කළෝද? අනේ ඔබගේ අත මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය.


ඔවුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් අහස පියවී වර්ෂාව නැතුව යන විට, ඔබ මෙසේ ඔවුන්ට දඬුවම්කරන බැවින් ඔවුන් මේ ස්ථානය දෙසට හැරී යාච්ඤාකොට ඔබගේ නාමය ප්‍රකාශකර තමුන්ගේ පාපය අත්ඇරියොත්,


දෙවියන්වහන්සේ මේ කාරණයට අප්‍රසන්නවී ඉශ්‍රායෙල්ට පහරදුන්සේක.


දාවිත් දෙවියන්වහන්සේට කථාකොට: මම මේ දේ කිරීමෙන් බොහෝකොට පව්කෙළෙමි. එහෙත් දැන් ඔබගේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව; මක්නිසාද මම බොහෝ අනුවණ ලෙස ක්‍රියාකෙළෙමියි කීවේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය. මේ ගැන නුඹ අණුවණ ලෙස ක්‍රියාකෙළෙහිය; මෙතැන් පටන් නුඹට විරුද්ධව යුද්ධ ඇතිවන්නේයයි කීවේය.


නුමුත් තමාගේ සිතේ උඩඟුකම ගැන හෙසකියාද යෙරුසලමේ වැසියන්ද යටත්වූ නිසා හෙසකියාගේ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් පිටට නොපැමිණියේය.


ඔබ මාගේ වරදට කමාවී, මාගේ අපරාධය පහ නොකරන්නේ මක්නිසාද? මම ඉක්මනින් ධූලියෙහි නිදන්නෙමි, ඔබ මා බොහෝසේ සොයන නුමුත් මම නොසිටින්නෙමියි කීවේය.


මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන්ට කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.


එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් හණික කැඳවා: මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් නුඹලාටත් විරුද්ධව පව්කෙළෙමි.


තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.


නුඹලා වචන රැගෙන ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඇවිත්, උන්වහන්සේට කථාකොට: අපේ සියලුම අපරාධවලට කමාවී, කරුණාවෙන් අප පිළිගත මැනව. එවිට අපේ තොල්වල පූජා ගොනුන් පූජාකරන්නාක්මෙන් ඔප්පු කරන්නෙමුව.


එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැලපීමෙන්ද මා වෙතට හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ආරොන් මෝසෙස්ට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, අප විසින් මෝඩ ලෙස හැසිර කළාවූ පාපය අප කෙරෙහි නොතැබුවමැනවි.


තණ්හා, දුෂ්ටකම්, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, අපහාසකිරීම, උඩඟුකම සහ මෝඩකම නික්මෙයි.


පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!


ඔව්හු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. යේසුස්වහන්සේ පමණක් එහි සිටිසේක, ස්ත්‍රීද සිටි තැනම මැද සිටියාය.


අහෝ මෝඩවූ නුවණ නැති ජනයෙනි, නුඹලා ස්වාමීන්වහන්සේට මෙසේ ප්‍රතිඵල දෙන්නහුද? නුඹ මිදූ තැනැන්වහන්සේම නුඹේ පියාණෝ නොවනසේක්ද? උන්වහන්සේම නුඹ සාදා නුඹ පිහිටෙවුසේක.


මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.


අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,


සාමුවෙල්ද සාවුල්ට කථාකොට: නුඹ අණුවන ලෙස ක්‍රියාකෙළෙහිය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ උන්වහන්සේගේ ආඥාව රක්ෂාකළේ නැත. රක්ෂාකළා නම් ස්වාමීන්වහන්සේ නුඹේ රජකම ඉශ්‍රායෙල් කෙරෙහි සදාකාලේටම ස්ථිරකරනවා ඇත.


නුමුත් පසුව දාවිත්ගේ සිත සාවුල්ගේ සළුවේ කොන කපාගත් බැවින් ඔහුට දොස් තැබුවේය.


ඔහු තමාගේ මිනිසුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධව මේ දේ කිරීමෙන් එනම් මාගේ අත දිගුකිරීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වා, මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තායයි කීවේය.


එවිට සාවුල්: මම පව්කෙළෙමි. මාගේ පුත්‍රවූ දාවිත්, හැරීඑන්න. මාගේ ප්‍රාණය අද දවසේ නුඹට අනර්ඝව පෙනුණු නිසා නුඹට තවත් හිංසා නොකරන්නෙමි. මම මෝඩයෙක් මෙන් හැසිර බොහෝසේ මුළාවීමියි කීවේය.