ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 21:19 - Sinhala Revised Old Version

නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්-ලෙහෙමිය යාරේ-ඔරෙගීම්ගේ පුත්‍රවූ එල්හානාන් ගිත්තිය ගොලියත්ගේ සහෝදරයා මැරුවේය. ඔහුගේ හෙල්ලයේ මිට වියන දණ්ඩක් හා සමානය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්ලෙහෙමීය ජාරේ-ඔරෙගීම්ගේ පුත්‍ර වූ එල්හානාන් ගිත්තීය ගොලියත්ගේ සහෝදරයා මැරුවේ ය. ඔහුගේ හෙල්ලයේ මිට වියන යන්ත්‍රයක දණ්ඩක් හා සමාන ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්ලෙහෙමීය ජාරේ-ඔරෙගීම්ගේ පුත්‍ර වූ එල්හානාන් ගිත්තීය ගොලියත්ගේ සහෝදරයා මැරුවේ ය. ඔහුගේ හෙල්ලයේ මිට වියන යන්ත්‍රයක දණ්ඩක් හා සමාන ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 21:19
5 හුවමාරු යොමු  

යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල් වනාහි තිස් දෙනාගෙන් එක්කෙනෙක්ය; තවත් අය නම් බෙත්-ලෙහෙම්හි දෝදෝගේ පුත්‍රවූ එල්හානාන්ය;


සේනාවල බලවන්තයෝ නම්: යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල්ය, බෙත්-ලෙහෙමේ දෝදෝගේ පුත්‍රවූ එල්හානාන්ය;


නැවතත් පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් විය; යායිර්ගේ පුත්‍රවූ එල්හානාන් ගිත්තිය ගොලියත්ගේ සහෝදරවූ ලඃමී මැරුවේය. ඔහුගේ හෙල්ලයේ මිට වියන දණ්ඩකට සමාන විය.


ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.