තවද අබ්සලොම්ද යෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා කෙළේය. අමාසා වූකලී නාහාෂ්ගේ දුවක්වද යෝවාබ්ගේ මවුවූ ශෙරුයාගේ සහෝදරියක්වද සිටි අබිගායිල් කරා පැමුණුණු ඉත්රා නම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙකුගේ පුත්‍රයාය.
2 සාමුවෙල් 20:4 - Sinhala Revised Old Version තවද රජ අමාසාට කථාකොට: තුන් දවසකින් යූදා මනුෂ්‍යයන් මා වෙතට අඬගස්වන්න, නුඹත් මෙහි සිටින්නැයි කීය. Sinhala New Revised Version රජ අමාසාට කතා කොට, “තුන් දවසකින් ජුදා සෙනඟ කැඳවා, ඔවුන් සමඟ ඔබත් මා ඉදිරියේ පෙනී සිටින්නැ”යි කී ය. Sinhala New Revised Version 2018 රජ අමාසාට කතා කොට, “තුන් දවසකින් ජුදා සෙනඟ කැඳවා, ඔවුන් සමඟ ඔබත් මා ඉදිරියේ පෙනී සිටින්නැ”යි කී ය. |
තවද අබ්සලොම්ද යෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා කෙළේය. අමාසා වූකලී නාහාෂ්ගේ දුවක්වද යෝවාබ්ගේ මවුවූ ශෙරුයාගේ සහෝදරියක්වද සිටි අබිගායිල් කරා පැමුණුණු ඉත්රා නම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙකුගේ පුත්‍රයාය.
තවද අමාසාට කථාකොට: නුඹ මාගේ ඇට සහ මාංශයත් නොවේද? නුඹ යෝවාබ් වෙනුවට සෑමකල්හිම මා ඉදිරියෙහි සේනාපතියාව සිටින්ට නොයෙදුණොත් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කියන්නැයි කියා ඇරියේය.
මෙසේ ඔහු සියලු යූදා මනුෂ්‍යයන්ගේ සිත් එක්කෙනෙකුගේ සිත මෙන් නමා ගත්තේය; ඔව්හුද: ඔබගේ සියලු සේවකයන් සමඟ හැරී අවමැනවැයි රජුට කියා ඇරියෝය.