එවිට රජ හැරී යොර්දාන් ළඟට ආයේය. යූදාවරුද යොර්දානෙන් මෙගොඩට රජු කැඳවාගන එන පිණිස රජුගේ පෙරමගට යන්ට ගිල්ගාල්ට ආවෝය.
2 සාමුවෙල් 20:2 - Sinhala Revised Old Version එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දාවිත් අත්හැර බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා පස්සේ ගියෝය. නුමුත් යොර්දාන් පටන් යෙරුසලම දක්වාම යූදා මනුෂ්‍යයෝ තමුන්ගේ රජුට ඇලුම්ව සිටියෝය. Sinhala New Revised Version එවිට සියලු ඉශ්රායෙල් ජනයා දාවිත් අත්හැර, බික්‍රිගේ පුත් ෂෙබා පසුපස ගියෝ ය. එහෙත්, ජොර්දාන් පටන් ජෙරුසලම දක්වා ම ජුදාහි සෙනඟ තමන්ගේ රජුට පක්ෂපාත ව සිටියෝ ය. Sinhala New Revised Version 2018 එවිට සියලු ඉශ්රායෙල් ජනයා දාවිත් අත්හැර, බික්‍රිගේ පුත් ෂෙබා පසුපස ගියෝ ය. එහෙත්, ජොර්දාන් පටන් ජෙරුසලම දක්වා ම ජුදාහි සෙනඟ තමන්ගේ රජුට පක්ෂපාත ව සිටියෝ ය. |
එවිට රජ හැරී යොර්දාන් ළඟට ආයේය. යූදාවරුද යොර්දානෙන් මෙගොඩට රජු කැඳවාගන එන පිණිස රජුගේ පෙරමගට යන්ට ගිල්ගාල්ට ආවෝය.
බෙන්යමියයෙක්වූ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ දුර්ජන මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු හොරණෑව පිඹ: දාවිත් තුළ කොටසක්වත් යෙස්සේගේ පුත්‍රයා තුළ කිසි උරුමයක්වත් අපට නැත. ඉශ්‍රායෙල්වරුනි, ඒ ඒ මනුෂ්‍යයා තම තමාගේ කූඩාරම්වලට යේවයි කීය.
මේ කාරණය එසේ නොවේ. බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ එප්‍රයිම් කඳු රටේ මනුෂ්‍යයෙක් දාවිත් රජ්ජුරුවන්ට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. ඔහු පමණක් පාවා දෙන්න, එවිට මම නුවරින් අහක්ව යන්නෙමියි කීවේය. ඒ ස්ත්‍රීද: ඔහුගේ හිස පවුර උඩින් ඔබ වෙතට වීසිකරනු ලබන්නේයයි යෝවාබ්ට කීවාය.
දාවිත් යෙරුසලමෙහිවූ තමාගේ ගෙදරට පැමුණුණ විට ගෙය ප්‍රවේසම්කිරීමට රජු විසින් සිටුවාගිය උපභාර්යාවන් දසදෙනා රැගෙන හිරකර තබා ඔවුන් පෝෂ්‍යකෙළේය, නමුත් ඔවුන් කරා නොඑළඹුණේය. මෙසේ ඔව්හු මැරෙන දවස දක්වා හිරෙහිම වැන්දඹු භාවයෙහි සිටියෝය.
යෙරොබොවම් නැවත ආ බව සියලු ඉශ්‍රායෙල්වරු අසා සභාවට ඔහු ගෙන්වාගන සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකොට පත්කළෝය. යූදා ගෝත්‍රයම මිස දාවිත්ගේ වංශය අනුව ගියාවූ වෙන කිසිවෙක් නොවීය.
සැබවින් අධමයෝ නිෂ්ඵලකමය, උත්තමයෝද බොරුවක්ය. තරාදියෙහි දැමුවොත් ඔවුන් ඉහළට යනවා ඇත; ඔව්හු එක්වූවත් නිෂ්ඵලකමට වඩා සැහැල්ලුය.
ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.
ඔහු ඇවිත් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය දැක, සන්තෝෂවී, ස්වාමීන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතින් ඇලුම්ව සිටින්ට ඔවුන් සියල්ලන්ට අවවාදකෙළේය.