ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 2:22 - Sinhala Revised Old Version

නැවතත් අබ්නේර්: මා වෙතින් අහක්ව යන්න, මක්නිසාද මම නුඹ බිමට ගසාහෙළන්නෙම්ද? එසේ කළොත් මා නුඹේ සහෝදරවූ යෝවාබ්ට මාගේ මුහුණ ඔසවන්නේ කොහොමදැයි අසාහෙල්ට කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නැවතත් අබ්නේර්, “මා වෙතින් අහක් ව යන්න. මා ඔබට ගසා බිම හෙළන්නේ කුමට ද? එසේ කළො‍ත්, මා ඔබේ සහෝදර වන ජෝවාබ්ට මුහුණ දෙන්නේ කොහොම දැ”යි අසාහෙල්ට කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නැවතත් අබ්නේර්, “මා වෙතින් අහක් ව යන්න. මා ඔබට ගසා බිම හෙළන්නේ කුමට ද? එසේ කළො‍ත්, මා ඔබේ සහෝදර වන ජෝවාබ්ට මුහුණ දෙන්නේ කොහොම දැ”යි අසාහෙල්ට කී ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 2:22
6 හුවමාරු යොමු  

අබ්නේර්: නුඹ දකුණට හෝ වමට හෝ හැරී, යෞවනයන්ගෙන් එක්කෙනෙකු අල්ලා, ඔහුගේ ආයුධ හැරගන්නැයි ඔහුට කීවේය. නුමුත් අසාහෙල් ඔහු වෙතින් අහක්ව යන්ට කැමති නොවීය.


අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.


බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.


යමක් තිබුණේද ඒකේ නම පුරාණයේදීම දෙනලද්දේය, ඒ වනාහි මනුෂ්‍යයා බවත් ඔහුට වඩා බලවත් තැනන්වහන්සේ සමඟ විවාදකරන්ට ඔහුට බැරි බවත් දැනගන්නාලද්දේය.


නුඹ මෙසේ මා රවටා මාගේ සතුරාට ගැළවී යන්ට ඉඩ ඇරියේ මක්නිසාදැයි සාවුල් මීඛල්ගෙන් ඇසීය. මීඛල් උත්තරදෙමින්: මා විසින් නුඹ නොමරන පිණිස මා යන්ට ඇරින්න කියා ඔහු මට කීවේයයි සාවුල්ට කීවාය.