2 සාමුවෙල් 2:10 - Sinhala Revised Old Version (සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්-ඉශ්‍රායෙල්හි රජකම්කරන්ට පටන්ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස්ව සිටියේය, ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේය.) නුමුත් යූදා වංශය පමණක් දාවිත්ට ඇලුම්වුණේය. Sinhala New Revised Version සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් ඉශ්රායෙල්හි රජකම් කරන්නට පටන් ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස් ව සිටියේ ය. ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේ ය. එහෙත්, ජුදා වංශය පමණක් දාවිත්ට පක්ෂපාත වුණේ ය. Sinhala New Revised Version 2018 සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් ඉශ්රායෙල්හි රජකම් කරන්නට පටන් ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස් ව සිටියේ ය. ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේ ය. එහෙත්, ජුදා වංශය පමණක් දාවිත්ට පක්ෂපාත වුණේ ය. |
තවද නේර්ගේ පුත්‍රවූ, සාවුල්ගේ සේනාපතිවූ අබ්නේර් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් කැඳවාගන මහනායිම්ට ගොස්,
ගිලියද්ද අෂූර්වරුන්ද යෙස්‍රෙයෙල්ද එප්‍රායිම්වරුන්ද බෙන්යමින්වරුන්ද මුළු ඉශ්‍රායෙල්ද කෙරෙහි ඔහු රජකමට පත්කෙළේය.
තවද දාවිත් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් වෙතට පණිවිඩකාරයන් යවා: පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍රදී ලබාගත් මාගේ භාර්යාවවූ මීඛල් මට දෙන්නැයි කියන්ට කීවේය.