නුමුත් නුඹ නුවරට හැරී ගොස් අබ්සලොම්ට කථාකර–රජ්ජුරුවෙනි, මම ඔබගේ සේවකයා වෙමි; පළමු මම ඔබගේ පියාගේ සේවකයෙක්ව සිටියාක්මෙන් දැන් ඔබගේ සේවකයෙක් වෙමියි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්ට නුඹට පුළුවන් වන්නේය.
2 සාමුවෙල් 17:20 - Sinhala Revised Old Version අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රී ළඟට ඒ ගෙදරට ඇවිත්: අහිමයාශ්ද යොනාතාන්ද කොතැනදැයි ඇසුවෝය. ඒ ස්ත්‍රී: ඔව්හු වතුර ඇළෙන් එගොඩවූවෝයයි කීවාය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බනූණ බැවින් යෙරුසලමට හැරී ගියෝය. Sinhala New Revised Version අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රිය වෙත ඒ ගෙදරට අවුත්, “අහීමයාශ් හා ජොනතන් කොතැන දැ”යි ඇසූ හ. ඒ ස්ත්‍රී පිළිතුරු දෙමින්, “ඔව්හු වතුර ඇළෙන් එගොඩ වූවෝ ය”යි කීවා ය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බ නොවූ බැවින් ජෙරුසලමට පෙරළා ගියෝ ය. Sinhala New Revised Version 2018 අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රිය වෙත ඒ ගෙදරට අවුත්, “අහීමයාශ් හා ජොනතන් කොතැන දැ”යි ඇසූ හ. ඒ ස්ත්‍රී පිළිතුරු දෙමින්, “ඔව්හු වතුර ඇළෙන් එගොඩ වූවෝ ය”යි කීවා ය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බ නොවූ බැවින් ජෙරුසලමට පෙරළා ගියෝ ය. |
නුමුත් නුඹ නුවරට හැරී ගොස් අබ්සලොම්ට කථාකර–රජ්ජුරුවෙනි, මම ඔබගේ සේවකයා වෙමි; පළමු මම ඔබගේ පියාගේ සේවකයෙක්ව සිටියාක්මෙන් දැන් ඔබගේ සේවකයෙක් වෙමියි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්ට නුඹට පුළුවන් වන්නේය.
හෙබ්‍රෙව් ස්ත්‍රීහු මිසර ස්ත්‍රීන්ට සමාන නොවෙති; ඔව්හු ශක්තිමත් බැවින් වින්නඹුවන් ඔවුන් වෙතට එන්ට පළමුවෙන් වදතියි ඵාරාවෝට කීවෝය.
ඔහු ඈට කථාකොට: නුඹ කූඩාරමේ දොරකඩ සිට, යම් කෙනෙක් ඇවිත්–මෙහි කවුරුවත් ඉන්නවාදැයි නුඹෙන් ඇසුවොත්, නැත කියන්නැයි ඈට කීවේය.
දාවිත්ද: රජ්ජුරුවෝ වැඩක් මට නියමකොට–මා විසින් නුඹ යවන්නාවූ නුඹට අණ කළාවූ කාරණය ගැන කිසිවෙක් මොකටවත් දැනනොගනීවයි මට කීවාහ. අසවල් ස්ථානයට යන්ට කියා මා විසින් සේවකයන්ට දන්වා තිබේ.