ඊයේ ආවාවූ නුඹට අද එහා මෙහා අප සමඟ යන්ට සැලැස්වීම යුතුද? මම වනාහි යන්ට පුළුවන් කොතනට නුමුත් යමි. නුඹ හැරී නුඹේ සහෝදරයන් කැඳවාගන යන්න; කරුණාවත් සැබෑකමත් නුඹ සමඟ වේවයි කීවේය.
2 සාමුවෙල් 15:34 - Sinhala Revised Old Version නුමුත් නුඹ නුවරට හැරී ගොස් අබ්සලොම්ට කථාකර–රජ්ජුරුවෙනි, මම ඔබගේ සේවකයා වෙමි; පළමු මම ඔබගේ පියාගේ සේවකයෙක්ව සිටියාක්මෙන් දැන් ඔබගේ සේවකයෙක් වෙමියි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්ට නුඹට පුළුවන් වන්නේය. Sinhala New Revised Version එහෙත්, ඔබ නගරයට හැරී ගොස්, අබ්සලොම්ට කතා කර, ‘රජතුමනි, මම ඔබේ සේවකයා වෙමි; පළමු ව ඔබේ පියාගේ සේවකයෙකු ව සිටි ලෙස ම දැන් ඔබේ සේවකයෙක් වෙමි’යි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵල කරන්නට ඔබට පුළුවන් වන්නේ ය. Sinhala New Revised Version 2018 එහෙත්, ඔබ නගරයට හැරී ගොස්, අබ්සලොම්ට කතා කර, ‘රජතුමනි, මම ඔබේ සේවකයා වෙමි; පළමු ව ඔබේ පියාගේ සේවකයෙකු ව සිටි ලෙස ම දැන් ඔබේ සේවකයෙක් වෙමි’යි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵල කරන්නට ඔබට පුළුවන් වන්නේ ය. |
ඊයේ ආවාවූ නුඹට අද එහා මෙහා අප සමඟ යන්ට සැලැස්වීම යුතුද? මම වනාහි යන්ට පුළුවන් කොතනට නුමුත් යමි. නුඹ හැරී නුඹේ සහෝදරයන් කැඳවාගන යන්න; කරුණාවත් සැබෑකමත් නුඹ සමඟ වේවයි කීවේය.
වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.
නුඹ යෙරිකෝවටත් එහි රජුටත් කළ ලෙස හායිටත් එහි රජුටත් කරන්න. නුමුත් එහි කොල්ලය හා සිව්පාවුන් නුඹලාට කොල්ලයක් කොට ගන්න. නුවරට එහායින් සේනාවක් රහසේ සිටුවන්නැයි කීසේක.