Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 15:20 - Sinhala Revised Old Version

20 ඊයේ ආවාවූ නුඹට අද එහා මෙහා අප සමඟ යන්ට සැලැස්වීම යුතුද? මම වනාහි යන්ට පුළුවන් කොතනට නුමුත් යමි. නුඹ හැරී නුඹේ සහෝදරයන් කැඳවාගන යන්න; කරුණාවත් සැබෑකමත් නුඹ සමඟ වේවයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඊයේ පැමිණි ඔබට අද අප සමඟ ඔබමොබ යන්නට සැලැස්විය යුතු ද? මම වනාහි මට යා හැකි කොතැනට වුව ද යමි. ඔබ හැරී ඔබේ සහෝදරයන් කැඳවාගෙන යන්න. කරුණාවත්, සැබෑකමත් ඔබ සමඟ වේවා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඊයේ පැමිණි ඔබට අද අප සමඟ ඔබමොබ යන්නට සැලැස්විය යුතු ද? මම වනාහි මට යා හැකි කොතැනට වුව ද යමි. ඔබ හැරී ඔබේ සහෝදරයන් කැඳවාගෙන යන්න. කරුණාවත්, සැබෑකමත් ඔබ සමඟ වේවා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:20
17 හුවමාරු යොමු  

එවිට දාවිත්ද හසියයක් පමණවූ ඔහුගේ මිනිස්සුද නැගිට කෙයිලායෙන් පිටත්වී තමුන්ට යන්ට පුළුපුළුවන් තැන්වලට ගියෝය. දාවිත් කෙයිලායෙන් ගැළවී ගිය බව සාවුල්ට දන්වනලද්දේය; එවිට ඔහු තමාගේ ගමන නැවැත්තුවේය.


දැන් ස්වාමීන්වහන්සේ නුඹලාට කරුණාවත් සැබෑකමත් පෙන්වනසේක්වා. නුඹලා මේ දේ කළ නිසා මමත් එසේම නුඹලාට යහපත කරන්නෙමි.


මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.


එවිට මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ වචනය සොයන පිණිස මුහුදෙන් මුහුදට ගමන්කරන්නෝය, උතුරේ සිට නැගෙනහිරටද ඔබ මොබ දුවනවා ඇත, නුමුත් ඔවුන්ට සම්බවෙන්නේ නැත.


නපුර යොදන්නන් වරද්දාගන්නවා නොවේද? එහෙත් යහපත යොදන්නන්ට කරුණාවද සැබෑකමද ලැබෙන්නේය.


ධර්මිෂ්ඨකමත් යුක්තියත් ඔබගේ සිංහාසනයේ අත්තිවාරමය. කරුණාවත් සැබෑකමත් ඔබට පෙරටුව යති.


කරුණාවත් සැබෑකමත් සම්මුඛවූය; ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තුය.


ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි සදාකල් වසන්නේය. ඔහු ආරක්ෂාකරන පිණිස කරුණාවත් සත්‍යතාවත් පිළියෙළකළ මැනව.


ඔව්හු ගොදුරු පිණිස ඔබ මොබ යමින්, තෘප්තිමත් නොවූ නම් මුළු රාත්‍රිය ගතකරන්නෝය.


මා ගිලගන්ට කැමති තැනැත්තා නින්දාකරන කල උන්වහන්සේ ස්වර්ගයෙන් පිහිට එවා මා ගළවනසේක; දෙවියන්වහන්සේ ස්වකීය කරුණාවත් සැබෑකමත් එවනසේක.


ඔබ මාගේ මුළාවයාම් ගණිනසේක. මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව; ඒවා ඔබගේ පොතෙහි ලියනලද්දේ නොවේද?


ස්වාමීන්ගේ, ගිවිසුමද ශික්ෂාද රක්නවුන්ට උන්වහන්සේගේ සියලු මාවත් කරුණාව හා සැබෑකමද වෙති.


කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.


දාවිත් යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන් වෙතට පණිවිඩකාරයන් යවමින්: නුඹලාගේ ස්වාමියාවූ සාවුල්ට නුඹලා මේ කරුණාව පෙන්වා ඔහු තැන්පත්කළ බැවින් ස්වාමීන්වහන්සේගෙන් නුඹලාට ආශීර්වාද වේවා.


එවිට මාගේ භාර දවස්පතා ඉෂ්ට කරන පිණිස ඔබගේ නාමයට සදාකල් ප්‍රශංසා ගී කියන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්