ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 14:24 - Sinhala Revised Old Version

රජද: ඔහු තමාගේ ගෙදරට යේවා, ඔහු මාගේ මුහුණ නොදක්නේයයි කීවේය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේය, ඔහු රජුගේ මුහුණ දුටුවේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

රජ ද, “ඔහු තමාගේ ම ගෙදරට යේවා; ඔහු මා ඉදිරියට නො‍පැමිණිය යුතු ය”යි කී ය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේ ය. ඔහු රජ්ජුරුවන් ඉදිරියට නො‍පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

රජ ද, “ඔහු තමාගේ ම ගෙදරට යේවා; ඔහු මා ඉදිරියට නො‍පැමිණිය යුතු ය”යි කී ය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේ ය. ඔහු රජ්ජුරුවන් ඉදිරියට නො‍පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 14:24
6 හුවමාරු යොමු  

යූදා ඔහුට කථාකොට: නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඒ මනුෂ්‍යතෙමේ අපට සත්තකකොට කීවේය.


ඇගේ සහෝදරවූ අබ්සලොම් ඈට කථාකොට: නුඹේ සහෝදරවූ අම්නොන් නුඹ සමඟ උන්නාද? ඉතින් මාගේ සහෝදරිය, නිශ්ශබ්දව හිඳින්න. ඔහු නුඹේ සහෝදරයාය; මේ කාරණය සිතට නොගනින්නැයි ඈට කීවේය. තාමර් ඇගේ සහෝදර අබ්සලොම්ගේ ගෙයි අසරණ භාවයෙන් විසුවාය.


අබ්සලොම් රජුගේ මුහුණ නොදැක දෑවුරුද්දක්ම යෙරුසලමෙහි වාසයකෙළේය.


දාවිත්ද කථාකොට: යහපත; මම නුඹ සමඟ ගිවිසුමක් කරන්නෙමි. නුමුත් නුඹ විසින් එක දෙයක් කළ යුතුය, එනම් නුඹ මා දකින්ට එන විට පළමුකොට සාවුල්ගේ දූවූ මීඛල් කැඳවාගන එන්ට ඕනෑය, නැත්නම් නුඹ මාගේ මුහුණ නොදක්නෙහියයි කීවේය.


ඵාරාවෝ: මා කෙරෙන් යන්න; තවත් මාගේ මුහුණ නොදක්නට බලාගන්න; මක්නිසාද මාගේ මුහුණ දක්නාවූ දවසේදී නුඹ නසින්නෙහියයි කීයේය.


ඔව්හු උන්වහන්සේගේ මුහුණ දකින්නෝය; උන්වහන්සේගේ නාමයද ඔවුන්ගේ නළල්වල තිබෙන්නේය.