ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 14:15 - Sinhala Revised Old Version

එබැවින් මා දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට මේ කාරණාව කියන්ට ඇවිත් සිටින්නේ සෙනඟ මා භයගැන්වූ නිසාය. එබැවින්: මම රජ්ජුරුවන්ට කථාකරමි; සමහර විට රජ්ජුරුවන් තමන් දාසියගේ ඉල්ලීම ඉෂ්ටකරනවා වෙන්ට පුළුවන.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“එබැවින් දැන් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මේ කාරණය කියන්නට මා පැමිණ සිටින්නේ, සෙනඟ මා බිය ගැන්වූ නිසා ය. එබැවින්, මම රජ්ජුරුවන්ට කතා කරමි; සමහර විට රජ්ජුරුවන් වහන්සේ තම දාසියගේ ඉල්ලීම ඉෂ්ට කරනු වන්නට පුළුවන.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“එබැවින් දැන් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මේ කාරණය කියන්නට මා පැමිණ සිටින්නේ, සෙනඟ මා බිය ගැන්වූ නිසා ය. එබැවින්, මම රජ්ජුරුවන්ට කතා කරමි; සමහර විට රජ්ජුරුවන් වහන්සේ තම දාසියගේ ඉල්ලීම ඉෂ්ට කරනු වන්නට පුළුවන.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 14:15
3 හුවමාරු යොමු  

කුමක්හෙයින්ද බිම වැගුරුණ වතුර එකතුකරගන්ට බැරුවාක්මෙන් අප මැරෙන්ටම ඕනෑය; දෙවියන්වහන්සේ වනාහි ප්‍රාණය හානි නොකොට, පන්නාදමනු ලැබූ අය තමන් වෙතින් තවත් පිටවහලෙකු නොවනලෙස යෝජනාකරගන්නාසේක.


මක්නිසාද දෙවියන්වහන්සේගේ උරුමයෙන් මාත් මාගේ පුත්‍රයාත් එක වරම නැතිකර දමන්ට හදන මනුෂ්‍යයාගේ අතින් තමන්ගේ දාසිය ගළවන්ට රජ්ජුරුවන් ඇහුම්කන්දෙනවා ඇතැයි මම සිතුවෙමි.


විපත නමැති කස පහරින් හදිසියෙන් මරණය වුවත්, නිදොස් අයගේ විපත්තියට උන්වහන්සේ සිනාසෙනසේක.