ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 13:38 - Sinhala Revised Old Version

මෙසේ අබ්සලොම් ගෙෂූර්ට පලාගොස් එහි තුන් අවුරුද්දක් සිටියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ අබ්සලොම් ගෙෂූර්ට පලා ගොස් එහි තුන් අවුරුද්දක් සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ අබ්සලොම් ගෙෂූර්ට පලා ගොස් එහි තුන් අවුරුද්දක් සිටියේ ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 13:38
6 හුවමාරු යොමු  

එහෙත් අබ්සලොම් පලාගියේය. රැකවලෙහි සිටි යෞවනයා තමාගේ ඇස් ඔසවා බැලූවිට මහත් සෙනඟක් කන්දේ පැත්තකින් තමා පිටිපස්සේ තිබුණ මාර්ගයෙහි එනවා දුටුවේය.


ස්ත්‍රීද: එසේවීනම් ඔබ දෙවියන්වහන්සේගේ සෙනඟට විරුද්ධව එබඳු දෙයක් කල්පනාකළේ මක්නිසාද? පන්නාදමනු ලැබූ තමන්ගේම තැනැත්තා නැවත ගෙන්වා නොගන්න බැවින් රජ්ජුරුවෝ දැන් කී කාරණය නිසා වරදකාරයෙක් මෙන් සිටින්නාහ.


මෙසේ යෝවාබ් පිටත්ව ගෙෂූර්ට ගොස් අබ්සලොම් යෙරුසලමට කැඳවාගන ආවේය.


අබ්සලොම්ද යෝවාබ්ට කථාකොට: මම ගෙෂූර් සිට කුමට ආයෙම්ද? මේ වනතුරුත් එහි සිටියෙම්නම් මට හොඳය කියා කියන්ට නුඹ රජු වෙතට යවන පිණිස, මෙහි එන්න කියා නුඹට කියා එවුවෙමි. ඉතින් මට රජුගේ මුහුණ දකින්ට ලැබේවා; මා තුළ අපරාධයක් ඇත්නම් ඔහු මා මැරුවාවේයි කීවේය.


මක්නිසාද ඔබගේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටියදී: ස්වාමීන්වහන්සේ සැබවින් මා නැවත යෙරුසලමට පමුණුවන්ට යෙදුණොත් මම ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමියි කියා බාරයක් වුණේයයි කීවේය.


ඔහුගේ දෙවෙනියා කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටියාවූ අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ්ය; තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයකාගේ පුත්‍රවූ අබ්සලොම්ය;