එහෙත් අබ්සලොම් පලාගියේය. රැකවලෙහි සිටි යෞවනයා තමාගේ ඇස් ඔසවා බැලූවිට මහත් සෙනඟක් කන්දේ පැත්තකින් තමා පිටිපස්සේ තිබුණ මාර්ගයෙහි එනවා දුටුවේය.
2 සාමුවෙල් 13:37 - Sinhala Revised Old Version අබ්සලොම් ගෙෂූර්හි රජවූ අම්මිහුද්ගේ පුත්‍රවූ තල්මයි වෙතට පලාගියේය. දාවිත් තමාගේ පුත්‍රයා ගැන හැමදාම වැලපුණේය. Sinhala New Revised Version අබ්සලොම් ගෙෂූර්හි රජ වූ අම්මිහුද්ගේ පුත් තල්මයි වෙත පලා ගියේ ය. දාවිත් තමාගේ පුත්‍රයා ගැන හැම දින ම බොහෝ කාලයක් තුළ වැලපිණි. Sinhala New Revised Version 2018 අබ්සලොම් ගෙෂූර්හි රජ වූ අම්මිහුද්ගේ පුත් තල්මයි වෙත පලා ගියේ ය. දාවිත් තමාගේ පුත්‍රයා ගැන හැම දින ම බොහෝ කාලයක් තුළ වැලපිණි. |
එහෙත් අබ්සලොම් පලාගියේය. රැකවලෙහි සිටි යෞවනයා තමාගේ ඇස් ඔසවා බැලූවිට මහත් සෙනඟක් කන්දේ පැත්තකින් තමා පිටිපස්සේ තිබුණ මාර්ගයෙහි එනවා දුටුවේය.
තවද ඔහු කථාකොට නිමවූ විට රාජ පුත්‍රයෝ ඇවිත් ශබ්දනගා ඇඬුවෝය. රජද ඔහුගේ සියලු සේවකයෝද අතිශයින් ඇඬුවෝය.
ස්ත්‍රීද: එසේවීනම් ඔබ දෙවියන්වහන්සේගේ සෙනඟට විරුද්ධව එබඳු දෙයක් කල්පනාකළේ මක්නිසාද? පන්නාදමනු ලැබූ තමන්ගේම තැනැත්තා නැවත ගෙන්වා නොගන්න බැවින් රජ්ජුරුවෝ දැන් කී කාරණය නිසා වරදකාරයෙක් මෙන් සිටින්නාහ.
අබ්සලොම්ද යෝවාබ්ට කථාකොට: මම ගෙෂූර් සිට කුමට ආයෙම්ද? මේ වනතුරුත් එහි සිටියෙම්නම් මට හොඳය කියා කියන්ට නුඹ රජු වෙතට යවන පිණිස, මෙහි එන්න කියා නුඹට කියා එවුවෙමි. ඉතින් මට රජුගේ මුහුණ දකින්ට ලැබේවා; මා තුළ අපරාධයක් ඇත්නම් ඔහු මා මැරුවාවේයි කීවේය.
මක්නිසාද ඔබගේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටියදී: ස්වාමීන්වහන්සේ සැබවින් මා නැවත යෙරුසලමට පමුණුවන්ට යෙදුණොත් මම ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමියි කියා බාරයක් වුණේයයි කීවේය.
ඔහුගේ දෙවෙනියා කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටියාවූ අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ්ය; තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයකාගේ පුත්‍රවූ අබ්සලොම්ය;
තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයකාගේ පුත්‍රවූ අබ්සලොම්ය; හතරවෙනියා හග්ගිත්ගේ පුත්‍රවූ අදොනියාය;