එම්බා යූදා, නුඹේ සහෝදරයෝ නුඹට ප්‍රශංසාකරන්නෝය. නුඹේ අත නුඹේ සතුරන්ගේ ගෙළෙහි වන්නේය; නුඹේ පියාගේ පුත්‍රයෝ නුඹ ඉදිරියෙහි වැඳවැටෙන්නෝය.
2 සාමුවෙල් 1:18 - Sinhala Revised Old Version ධනුර් ගීය නම්වූ ගීය යූදා පුත්‍රයන්ට උගන්වන්ටත් ඔහු නියමකෙළේය. ඒක යාෂාර්ගේ පොතේ ලියා තිබේ. Sinhala New Revised Version ඒ ගීය ජුදා ජනයාට උගන්වන්නටත් නියම කෙළේ ය. එය ජාෂාර්ගේ පොතේ සඳහන් වී ඇත. Sinhala New Revised Version 2018 ඒ ගීය ජුදා ජනයාට උගන්වන්නටත් නියම කෙළේ ය. එය ජාෂාර්ගේ පොතේ සඳහන් වී ඇත. |
එම්බා යූදා, නුඹේ සහෝදරයෝ නුඹට ප්‍රශංසාකරන්නෝය. නුඹේ අත නුඹේ සතුරන්ගේ ගෙළෙහි වන්නේය; නුඹේ පියාගේ පුත්‍රයෝ නුඹ ඉදිරියෙහි වැඳවැටෙන්නෝය.
ඒවා නම්, ස්වාමීන්වහන්සේ මට කථාකොට: සෙනඟ මා ළඟට රැස්කරන්න, ඔවුන් භූමිය මතුපිට ජීවත්වෙන සියලු දවස්වල මට භය වෙන්ට ඉගෙනගන්නා පිණිසත් තමුන්ගේ දරුවන්ට උගන්වන පිණිසත් මාගේ වචන ඔවුන්ට ඇසෙන්ට සලස්වන්නෙමියි මට කීකල නුඹ හොරෙබ්හිදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටි දවසේදී වුණ දේවල්ය.
එවිට සෙනඟ තමුන්ගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සූර්යයා නැවතී සිටියේය, චන්ද්‍රයාද නැවතුණේය. මෙපවත් යාෂාර්ගේ පොතේ ලියා තිබෙනවා නොවේද? සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැසීමට ඉක්මන් නොවී අහස මැද සිටියේය.