2 රාජාවලිය 9:10 - Sinhala Revised Old Version බල්ලෝ යෙස්‍රෙයෙල් බිම් කොටසෙහිදී යෙසෙබෙල් කන්නෝය, ඈ තැන්පත්කරන්ට කිසිවෙක් නොසිටින්නේයයි කීසේකැයි ඔහුට කියා දොර හැර පලාගියේය. Sinhala New Revised Version බල්ලෝ ජෙශ්‍රෙයෙල් නම් බිම් කොටසේ දී ජෙශෙබෙල් කන්නෝ ය. ඈ භූමදාන කරන්නට කිසිවෙක් නොසිටින්නේ ය.’ “යි ඔහුට කියා දොර ඇර ඔහු යන්න ගියේ ය. Sinhala New Revised Version 2018 බල්ලෝ ජෙශ්‍රෙයෙල් නම් බිම් කොටසේ දී ජෙශෙබෙල් කන්නෝ ය. ඈ භූමදාන කරන්නට කිසිවෙක් නොසිටින්නේ ය.’ ”යි ඔහුට කියා දොර ඇර ඔහු යන්න ගියේ ය. |
තෙල් කුලාව රැගෙන ඔහුගේ හිසේ වත්කොට: මම නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකෙළෙමියි ස්වාමීන්වහන්සේ වදාරන සේක කියා, දොර හැර ප්‍රමාද නොවී පලායන්නැයි කීවේය.
කොටළුවෙකු වළලන්නාක්මෙන් ඔහු යෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් හෙළා වළලනු ලබනවා ඇත.