තවද සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගන තවත් රජවරුන් තිස්දෙදෙනෙක්ද අශ්වයන්ද රථද ඇතුව ඇවිත් සමාරිය වටලාගන ඊට විරුද්ධව යුද්ධකෙළේය.
2 රාජාවලිය 6:8 - Sinhala Revised Old Version සිරියේ රජ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණයකරමින්: අසවල් අසවල් තැන මාගේ කඳවුර විය යුතුයයි කීවේය. Sinhala New Revised Version සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “අසවල්, අසවල් තැන මාගේ කඳවුරු විය යුතු ය”යි කී ය. Sinhala New Revised Version 2018 සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “අසවල්, අසවල් තැන මාගේ කඳවුරු විය යුතු ය”යි කී ය. |
තවද සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගන තවත් රජවරුන් තිස්දෙදෙනෙක්ද අශ්වයන්ද රථද ඇතුව ඇවිත් සමාරිය වටලාගන ඊට විරුද්ධව යුද්ධකෙළේය.
තවද සිරියේ රජුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවිකෙනෙක්ය; එබැවින් ඔව්හු අපට වඩා බලවත්වූවෝය. නමුත් සමභූමියෙහි ඔවුන්ට විරුද්ධව සටන්කරමු, එවිට අපි සැබවින් ඔවුන්ට වඩා බලවත් වන්නෙමුව.
බෙන්-හදද්ද: මාගේ පියාණන් විසින් ඔබගේ පියාණන්ගෙන් ගත් නුවරවල් දෙවනු දෙන්නෙමි; මාගේ පියාණන් සමාරියෙහි වීථි සෑදුවාක් මෙන් ඔබට දමස්කයෙහි සාදාගන්ට පුළුවනැයි කීවේය. ආහබ්ද: මමත් මේ ගිවිසුම පිට ඔබට යන්ට හරිමියි කියා, ඔහු සමඟ ගිවිසුමක් කර ඔහු යන්ට හැරියේය.
සිරියේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කථාකොට: නුඹලා ඉශ්‍රායෙල් රජුට විරුද්ධව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධව සටන් නොකරන්නැයි අණකර තිබුණේය.
ඉන්පසු සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගෙන ඇවිත් සමාරිය වටලා ගත්තේය. මහත් සාගතයක්ද සමාරියෙහි විය.
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාද: සිරියවරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනවැයි ඉශ්‍රායෙල් රජුට කියා ඇරියේය.
නුඹලා එක්ව මන්ත්‍රණයකරන්න, ඒක නිෂ්ඵලවන්නේය; වචනය කථාකරන්න, ඒක ස්ථිර නොවන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේ අප සමඟ සිටිනසේක.