ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 6:6 - Sinhala Revised Old Version

එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: ඒක වැටුණේ කොතනදැයි ඇසුවේය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමුවේය, එවිට යකඩය පාවුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “එය වැටුණේ කොහේ දැ”යි ඇසී ය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමී ය. එවිට යකඩය පා විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “එය වැටුණේ කොහේ දැ”යි ඇසී ය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමී ය. එවිට යකඩය පා විය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 6:6
8 හුවමාරු යොමු  

ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා: මේ වතුර සුවපත් කෙළෙමියි කියාත් තවත් එයින් මරණයවත් වඳවීමවත් නොවන්නේය කියාත් ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.


ඔවුන්ට ඒවා කන්ට නොහැකිවිය. ඔහුද: එසේවීනම් පිටි ගෙනෙන්නැයි කියා ඒවා සැළියෙහි දමා කථාකොට: කන පිණිස සෙනඟට වත්කර දෙන්නැයි කීවේය. එවිට සැළියෙහි කිසි වසක් නොවීය.


එක් කෙනෙක් ලීයක් කපද්දී පොරෝතලය වතුරේ වැටුණේය. ඔහු: අනේ මාගේ ස්වාමිනි, ඒක ඉල්ලාගත් එකකැයි කෑගසා කීවේය.


ඔහු: ඒක අරගන්නැයි කීය. හෙතෙම අත දිගුකර ඒක ගත්තේය.


ඔහු ස්වාමීන්වහන්සේට හඬ ගැසීය; ස්වාමීන්වහන්සේ ඔහුට ගහක් පෙන්වූසේක, ඔහු ඒක ජලයට හෙළූ කල ජලය මිහිරි විය. එහිදී උන්වහන්සේ ඔවුන්ට නියෝගයක්ද පනතක්ද දුන්සේක, එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂාකොට: