Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 4:41 - Sinhala Revised Old Version

41 ඔවුන්ට ඒවා කන්ට නොහැකිවිය. ඔහුද: එසේවීනම් පිටි ගෙනෙන්නැයි කියා ඒවා සැළියෙහි දමා කථාකොට: කන පිණිස සෙනඟට වත්කර දෙන්නැයි කීවේය. එවිට සැළියෙහි කිසි වසක් නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 ඔවුන්ට ඒවා කන්න නොහැකි විය. ඔහු ද, “එසේ වී නම් පිටි ටිකක් ගෙනෙ‍න්නැ”යි ඒවා සැළියෙහි දමා, “කන පිණිස සෙනඟට වත් කර දෙන්නැ”යි කී ය. එවිට සැළියෙහි කිසි විසක් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 ඔවුන්ට ඒවා කන්න නොහැකි විය. ඔහු ද, “එසේ වී නම් පිටි ටිකක් ගෙනෙ‍න්නැ”යි ඒවා සැළියෙහි දමා, “කන පිණිස සෙනඟට වත් කර දෙන්නැ”යි කී ය. එවිට සැළියෙහි කිසි විසක් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 4:41
7 හුවමාරු යොමු  

ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා: මේ වතුර සුවපත් කෙළෙමියි කියාත් තවත් එයින් මරණයවත් වඳවීමවත් නොවන්නේය කියාත් ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.


ඔහු ස්වාමීන්වහන්සේට හඬ ගැසීය; ස්වාමීන්වහන්සේ ඔහුට ගහක් පෙන්වූසේක, ඔහු ඒක ජලයට හෙළූ කල ජලය මිහිරි විය. එහිදී උන්වහන්සේ ඔවුන්ට නියෝගයක්ද පනතක්ද දුන්සේක, එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂාකොට:


මක්නිසාද දෙවියන්වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තය; දෙවියන්වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය.


නුමුත් ඔහු ඒ සතා ගින්නට ගසාදමා කිසි උපද්‍රවයකට නොපැමිණ සිටියේය.


උන්වහන්සේ මෙසේ කියා බිමට කෙළ ගසා, එයින් මඩ සාදා ඒවා ඔහුගේ ඇස්වල ගා:


එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: ඒක වැටුණේ කොතනදැයි ඇසුවේය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමුවේය, එවිට යකඩය පාවුණේය.


එලිෂා: නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්‍රවන්නෙහියයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්