ආහබ් ඒ වචන ඇසූ විට තමාගේ ඇඳුම් ඉරාගෙන, ඇඟේ මාංශයට ගෝණි රෙදි දමාගෙන නිරාහාරව ගෝණිරෙදි පිටින් නිදාගනිමින්, අවනත භාවයෙන් හැසුරුණේය.
2 රාජාවලිය 6:30 - Sinhala Revised Old Version එකල රජ පවුර පිට යමින් සිටියේය. ඔහු වනාහි ස්ත්‍රියගේ වචන අසා තමාගේ ඇඳුම් ඉරාගත්තේය. සෙනඟද බලා, ඔහු ඇඟ යටට ගෝණි රෙදි ඇඳ තිබෙනවා දුටුවෝය. Sinhala New Revised Version එකල රජ පවුර පිට යමින් සිටියේ ය. ඔහු වනාහි ස්ත්‍රියගේ වචනය අසා මවිත වී තමාගේ ඇඳුම් ඉරාගත්තේ ය. සෙනඟ ද ඔහු දෙස බලා ඔහු ඇඟ යටට ගෝණි රෙදි ඇඳ තිබෙනු දුටුවෝ ය. Sinhala New Revised Version 2018 එකල රජ පවුර පිට යමින් සිටියේ ය. ඔහු වනාහි ස්ත්‍රියගේ වචනය අසා මවිත වී තමාගේ ඇඳුම් ඉරාගත්තේ ය. සෙනඟ ද ඔහු දෙස බලා ඔහු ඇඟ යටට ගෝණි රෙදි ඇඳ තිබෙනු දුටුවෝ ය. |
ආහබ් ඒ වචන ඇසූ විට තමාගේ ඇඳුම් ඉරාගෙන, ඇඟේ මාංශයට ගෝණි රෙදි දමාගෙන නිරාහාරව ගෝණිරෙදි පිටින් නිදාගනිමින්, අවනත භාවයෙන් හැසුරුණේය.
එවිට රජගෙදර ප්‍රධානියෝවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම් නම් ගෘහාධිපතියාද ෂෙබ්නා ලේකම්ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද තමුන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ඇවිත්, රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්නුවෝය.
හෙසකියා රජ ඒ අසා තමාගේ ඇඳුම් ඉරා, ගෝණි රෙදි පෙරවාගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වුණේය.
ඉශ්‍රායෙල් රජ ලියුම කියවා තමාගේ ඇඳුම් ඉරාගෙන: මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුවකරන්ට කියා මොහු මට ලියා එවන්නේ මරන්ටත් ජීවත්කරන්ටත් මම දෙවියන්වහන්සේද? මොහු මට විරුද්ධව ඩබරයකට කාරණයක් සොයන හැටි කල්පනාකර බලන්නැයි කීවේය.