ඔහුද: නුඹේ පුත්‍රයා මට දෙන්නැයි ඈට කියා ඇගේ ළයෙන් ඔහු රැගෙන, තමා විසූ උඩුමහලට ගෙනගොස්, තමාගේම ඇඳේ ඔහු තැබුවේය.
2 රාජාවලිය 4:21 - Sinhala Revised Old Version එවිට ඈ නැගී ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා දොර පියා පිටතට ගියාය. Sinhala New Revised Version එවිට ඈ නැඟිට ගොස්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා, දොර වසා පිටතට ගියා ය. Sinhala New Revised Version 2018 එවිට ඈ නැඟිට ගොස්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා, දොර වසා පිටතට ගියා ය. |
ඔහුද: නුඹේ පුත්‍රයා මට දෙන්නැයි ඈට කියා ඇගේ ළයෙන් ඔහු රැගෙන, තමා විසූ උඩුමහලට ගෙනගොස්, තමාගේම ඇඳේ ඔහු තැබුවේය.
අපි භිත්ති ඇති කුඩා උඩුමහලක් සාදා ඇඳකුත් මේසයකුත් පුටුවකුත් පහනකුත් එහි තබමු. එවිට ඔහු අප ළඟට ආ කල එහි සිටින්ට පුළුවනැයි කීවාය.
වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මවු ළඟට ගෙනගියේය. ඔහු ඉරමුදුන් වේලාව දක්වා ඇගේ උකුළේ හිඳ මළේය.
තවද ඈ තමාගේ පුරුෂයාට අඬගසා: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හණික ගොස් එන පිණිස වැඩකාරයෙකුත් කොටළු දෙනෙකුත් මට එවන්ටයයි කීවාය.
එවිට ඈ ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දැන්නුවාය. ඔහුද: නුඹ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් නුඹත් නුඹේ පුත්‍රයොත් රක්ෂාවෙන්නැයි කීවේය.