Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 4:22 - Sinhala Revised Old Version

22 තවද ඈ තමාගේ පුරුෂයාට අඬගසා: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හණික ගොස් එන පිණිස වැඩකාරයෙකුත් කොටළු දෙනෙකුත් මට එවන්ටයයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 තවද, ඈ තමාගේ පුරුෂයාට අඬගසා, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හනික ගොස් එන පිණිස, වැඩකාරයෙකුත්, කොටළු දෙනකුත් මට එවන්නැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 තවද, ඈ තමාගේ පුරුෂයාට අඬගසා, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හනික ගොස් එන පිණිස, වැඩකාරයෙකුත්, කොටළු දෙනකුත් මට එවන්නැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 4:22
6 හුවමාරු යොමු  

ලිද්දාව යොප්පාවට සමීප බැවින්, පේතෘස් එහි සිටින බව ගෝලයෝ අසා: ප්‍රමාද නොවී අප වෙතට අව මැනවයි ඉල්ලමින් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඔහු වෙතට යැවුවෝය.


එබැවින් ඔහුගේ සහෝදරියෝ: ස්වාමිනි, ඔබවහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටීයයි උන්වහන්සේට කියා යැවුවෝය.


දැන්ම ඇගේ පෙරමගට දිවගොස්: නුඹ සුවසේද? නුඹේ පුරුෂයා සුවසේද? ළමයා සුවසේද කියා ඇගෙන් අසන්නැයි කීවේය. සුවසේයයි ඈ උත්තරදුන්නාය.


කොටළුදෙන සූදානම්කර ඇගේ වැඩකාරයාට කථාකොට: දක්කාගෙන යන්න; මා නුඹට නොකියා, මා නිසා නුඹේ දැක්කීම බාල නොකරන්නැයි කීවාය.


එවිට ඈ නැගී ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා දොර පියා පිටතට ගියාය.


ඔහුද: නුඹ අද ඔහු ළඟට යන්නේ මොකටද? අමාවකවත් සබත් දිනයවත් නොවේයයි කීවේය. ඈ ඒකට කමක් නැත කියා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්