නුඹ ගොස් මුහුද දෙස බලන්නැයි තමාගේ වැඩකාරයාට කීවේය. ඔහු ගොස් බලා ඇවිත්: කිසිවක් නැතැයි කීවේය. නැවත සත්වරක් යන්නැයි ඔහු කීවේය.
2 රාජාවලිය 4:12 - Sinhala Revised Old Version තවද ඔහු: ෂුනෙම්මිය ස්ත්‍රීට අඬගසන්නැයි තමාගේ වැඩකාරයාවූ ගෙහාසීට කීය. ඔහු ඈට අඬගැසූ විට ඔහු ඉදිරියට ආවාය. Sinhala New Revised Version තවද, ඔහු, “ෂුනම්මිය ජාතික ස්ත්‍රියට අඬගසන්නැ”යි තම වැඩකාරයා වන ගෙහාසිට කී ය. ඔහු ඈට අඬගැසූ විට ඇය ඔහු ඉදිරියට ආවා ය. Sinhala New Revised Version 2018 තවද, ඔහු, “ෂුනම්මිය ජාතික ස්ත්‍රියට අඬගසන්නැ”යි තම වැඩකාරයා වන ගෙහාසිට කී ය. ඔහු ඈට අඬගැසූ විට ඇය ඔහු ඉදිරියට ආවා ය. |
නුඹ ගොස් මුහුද දෙස බලන්නැයි තමාගේ වැඩකාරයාට කීවේය. ඔහු ගොස් බලා ඇවිත්: කිසිවක් නැතැයි කීවේය. නැවත සත්වරක් යන්නැයි ඔහු කීවේය.
ඔහු ඒ අසා නැගිට තමාගේ ප්‍රාණය ගළවා ගැනීමට යනුයේ යූදාට අයිති බෙයෙර්-ෂෙබාට පැමිණ තමාගේ වැඩකාරයා එහි නවතින්ට හැර,
නුමුත් යෙහෝෂාපාට් කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරයෙක් මෙහි නැද්දැයි ඇසුවේය. එවිට ඉශ්‍රායෙල් රජුගේ සේවකයෙක් උත්තරදෙමින්: එලියාගේ අත්වලට වතුර වත්කළාවූ, ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා මෙහි ඉන්නේයයි කීවේය.
එලිෂාද කථාකොට: මේ සියලු සැලකිලිවලින් නුඹ අප ගැන සැලකුවෙහිය; නුඹ උදෙසා කුමක් කටයුතුද? රජුට හෝ සේනාපතියාට හෝ නුඹ වෙනුවට කථාකරනවාට කැමතිද කියා ඇගෙන් අසන්නැයි ගෙහාසීට කීවේය. ඈද: මාගේම සෙනඟ අතරේ වාසයකරමියි උත්තරදුන්නාය.
ඔව්හු සලමියට පැමිණි කල, යුදෙව්වරුන්ගේ සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශකළෝය. යොහන් ඔවුන්ගේ සේවකයාව සිටියේය.