Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 4:12 - Sinhala New Revised Version 2018

12 තවද, ඔහු, “ෂුනම්මිය ජාතික ස්ත්‍රියට අඬගසන්නැ”යි තම වැඩකාරයා වන ගෙහාසිට කී ය. ඔහු ඈට අඬගැසූ විට ඇය ඔහු ඉදිරියට ආවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 තවද, ඔහු, “ෂුනම්මිය ජාතික ස්ත්‍රියට අඬගසන්නැ”යි තම වැඩකාරයා වන ගෙහාසිට කී ය. ඔහු ඈට අඬගැසූ විට ඇය ඔහු ඉදිරියට ආවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 තවද ඔහු: ෂුනෙම්මිය ස්ත්‍රීට අඬගසන්නැයි තමාගේ වැඩකාරයාවූ ගෙහාසීට කීය. ඔහු ඈට අඬගැසූ විට ඔහු ඉදිරියට ආවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 4:12
9 හුවමාරු යොමු  

“ඔබ ගොස් මුහුද දෙස බලන්නැ”යි තම වැඩකාරයාට කී ය. ඔහු ගොස් බලා අවුත්, “කිසිවක් නැතැ”යි කී විට, “නැවත සත්වරක් යන්නැ”යි ඔහු කීවේ ය.


සලමිසයට පැමිණි කල, ඔව්හු ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවල දී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. ජොහන් ඔවුන්ගේ සහකාරයා විය.


ජුදා රජු වන ජෙහෝෂාපාට් කතා කොට, “අප විසින් සමිඳාණන් වහන්සේගෙන් විචාරනු ලබන පිණිස උන් වහන්සේගේ දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසී ය. එවිට ඉශ්රායෙල් රජුගේ සේවකයෙක් උත්තර දෙමින්, “එලියාගේ අත්වලට වතුර වත් කළ, ශාපාත්ගේ පුත් එලිෂා මෙහි සිටී ය”යි කී ය.


ඔහු ඒ අසා බිය වී තම පණ ගළවාගැනීමට පලා ගියේ ය. මෙසේ ගොස් ඔහු ජුදාට අයිති බෙයර්-ෂෙබා නම් ස්ථානයට පැමිණ තම වැඩකාරයා එහි නවතින්නට හැර,


එක් දවසක් ඔහු එහි පැමිණ උඩුමහලට ගොස් නිදාගත්තේ ය.


එලිෂා ද කතා කොට, “මේ සියලු සත්කාර කිරීමට ඔබ බොහෝ සේ මහන්සි වූ බැවින් ඔබ උදෙසා කුමක් කළ යුතු ද? රජුට හෝ සේනාපතියාට හෝ ඔබ වෙනුවට කතා කරනවාට කැමැති ද? කියා ඇගෙන් අසන්නැ”යි ගෙහාසීට කී ය. ඈ ද, “මාගේ ම සෙනඟ අතරේ මම වාසය කරමි”යි උත්තර දුන්නා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්