ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 3:22 - Sinhala Revised Old Version

ඔවුන් අලුයම නැගිටි කල ඒ වතුර පිටට හිරුරැස් වැටුණේය, මෝවබ්වරු තමුන් ඉදිරිපිට තිබුණු වතුර ලේ මෙන් රතුව තිබෙනවා දැක: මේ නම් ලේය;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන් අලුයම නැඟිටි කල ඒ වතුර පිට හිරු රැස් වැටිණි. මෝවබ්වරු තමන් ඉදිරිපිට තිබූ වතුර ලේමෙන් රතු ව තිබෙනු දැක,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන් අලුයම නැඟිටි කල ඒ වතුර පිට හිරු රැස් වැටිණි. මෝවබ්වරු තමන් ඉදිරිපිට තිබූ වතුර ලේමෙන් රතු ව තිබෙනු දැක,

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 3:22
3 හුවමාරු යොමු  

තවද සියලු මෝවබ්වරු තමුන්ට විරුද්ධව යුද්ධකරන්ට රජුන් ආ බව ඇසූ විට යුද්ධායුධ පළඳින්ට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස්වූද සියල්ලෝ රැස්වී සීමාව ළඟ සිටියෝය.


සැබවින් රජවරු විනාශවූවෝය, ඔවුන් එකිනෙකා මරාගන්ට ඇත. ඉතින්, මෝවබ්වරුනි, කොල්ලය ගැනීමට එන්නැයි කීවෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ රථ ඝෝෂාවක්ද අශ්ව ඝෝෂාවක්ද යන මහත් සේනාවක ඝෝෂාවක් සිරියවරුන්ගේ සේනාවට ඇසෙන්ට සැලැස්වූසේක. ඔව්හු එකිනෙකාට කථාකොට: ඉශ්‍රායෙල් රජ හිත්තීවරුන්ගේද මිසරවරුන්ගේද රජුන් අපිට විරුද්ධව කුලියට ගෙන්වාගත්තේය කියා,