ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 25:2 - Sinhala Revised Old Version

මෙසේ ශෙදෙකියා රජුගේ එකොළොස්වෙනි අවුරුද්ද දක්වා නුවර වටලා තිබුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ ශෙදෙකියා රජුගේ එකොළොස් වන අවුරුද්ද දක්වා නුවර වටලා තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ ශෙදෙකියා රජුගේ එකොළොස් වන අවුරුද්ද දක්වා නුවර වටලා තිබිණි.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 25:2
6 හුවමාරු යොමු  

ඒ කාලයෙහි බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ සේවකයෝ යෙරුසලමට විරුද්ධව ආවෝය, නුවරද වටලනලද්දේ විය.


තවද ඔහුගේ රජකමේ නවවෙනි අවුරුද්දේ දහවෙනි මාසයේ දහවෙනිදා බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත් ඊට විරුද්ධව කඳවුරු බැඳ, වටකරින් ඊට විරුද්ධව කොටු ගොඩනැගුවේය.


සතරවෙනි මාසයේ නවවෙනිදා දේශයේ සෙනඟට කෑම නැතිවෙන තරම් සාගතය නුවර තුළ බලවත් විය.


යූදාහි රජවූ ශෙදෙකියාගේ දසවෙනි අවුරුද්ද වන නෙබුකද්රෙශර්ගේ දහඅටවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනයය.


එසේ ශෙදෙකියා රජුගේ එකොළොස්වෙනි අවුරුද්ද දක්වා නුවර වටලනලද්දේ විය.


නුඹේ මුළු දේශයෙහි තිබෙන්නාවූ නුඹ විශ්වාසය තැබූ නුඹේ උස්වූ බලවත් පවුරු වැටෙන තුරු, ඔව්හු නුඹේ සියලු නුවර දොරටුවලදී නුඹ වටලාගන්නෝය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් නුඹේ මුළු දේශයෙහි තිබෙන නුඹේ සියලු නුවර දොරටුවලදී ඔව්හු නුඹ වටලාගන්නෝය.