යෙහෝයාකිම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
2 රාජාවලිය 24:6 - Sinhala Revised Old Version යෙහෝයාකිම් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝයාඛින් ඔහු වෙනුවට රජවිය. Sinhala New Revised Version ජෙහෝයාකිම් මියගියේ ය. ඔහුගේ පුත් ජෙහෝයාකින් ඔහු වෙනුවට රජ විය. Sinhala New Revised Version 2018 ජෙහෝයාකිම් මියගියේ ය. ඔහුගේ පුත් ජෙහෝයාකින් ඔහු වෙනුවට රජ විය. |
යෙහෝයාකිම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ඔහුට විරුද්ධව ඇවිත්, බබිලෝනියට ගෙනයන පිණිස දම්වැල්වලින් ඔහු බැන්දේය.
යෙහෝයාකීම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ පිළිකුල් දේවල්ද ඔහුට විරුද්ධව දැනගත් කාරණාද ඉශ්‍රායෙල් සහ යූදා රජවරුන්ගේ පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත්‍රවූ යෙහෝයාකීන් ඔහු වෙනුවට රජවිය.
යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ කෝනියා මාගේ දකුණතේ මුද්‍රාව මෙන් සිටියේවී නුමුත්, මම එතනින් නුඹ උදුරාදමන්නෙමියි කියා සහතිකකොට කියමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින් ස්වාමීන්වහන්සේ යූදාහි රජවූ යෙහෝයාකීම් ගැන මෙසේ කියනසේක: ඔහුට දාවිත්ගේ සිංහාසනයෙහි හිඳින්ට කෙනෙක් නොසිටින්නේය. ඔහුගේ මළකඳ දවාලේ ග්‍රීෂ්මයටත් රාත්‍රියේ ශීතලයටත් පිටත හෙළාදමනු ලබන්නේය.