ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 24:18 - Sinhala Revised Old Version

ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේදී රජවී එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමුතල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේ දී රජ වී එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හමුතල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුවක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේ දී රජ වී එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හමුතල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුවක් ය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 24:18
8 හුවමාරු යොමු  

යෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේදී රජවී තුන් මසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමුතල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.


සෙදෙකියා විසිඑක් අවුරුදු වයසේදී රජවී, එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.


ශෙදෙකියා රජු විසින් මල්කියාගේ පුත්‍රවූ පෂ්හූර් සහ පූජකයාවූ මයසේයාගේ පුත්‍රවූ ශෙපනියාද යෙරෙමියා ළඟට යැවූ කල ස්වාමීන්වහන්සේගෙන් ඔහු වෙතට පැමුණුණු වචනයය.


යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී මේ වචනය ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණියේය.


තවද යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ පටන්ගැන්මෙහි එම අවුරුද්ද වන සතරවෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේදී අස්සූර්ගේ පුත්‍රවූ, ගිබියොන්හි පදිංචි ප්‍රොපේතවූ හනනියා ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී පූජකයන් සහ මුළු සෙනඟ ඉදිරියෙහි මට කථාකොට:


යෙහෝයාකීම්ගේ පුත්‍රවූ කෝනියා වෙනුවට බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් යූදා දේශයෙහි රජකමට පත්කළ යොෂියාගේ පුත්‍රවූ ශෙදෙකියා රජව රජකම්කෙළේය.


යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී ඒලාම ගැන අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.