රෙහොබොවම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?
2 රාජාවලිය 23:28 - Sinhala Revised Old Version යොෂියාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? Sinhala New Revised Version ජොෂියාගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? Sinhala New Revised Version 2018 ජොෂියාගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? |
රෙහොබොවම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?
හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටිද යූදාහි රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?
ස්වාමීන්වහන්සේ කථාකොට: මා විසින් ඉශ්‍රායෙල් පහකරදැමුවාක්මෙන් යූදාත් මාගේ ඇස් හමුයෙන් පහකරදමා, මා තෝරාගත් මේ නුවර වන යෙරුසලමද මාගේ නාමය එහි පවතින්නේයයි මා කී ගෘහයද අත්හැර දමන්නෙමියි කීසේක.
ඔහුගේ දවස්වලදී මිසරයේ රජවූ ඵාරාවෝ-නෙකො අෂූර්හි රජුට විරුද්ධව ප්‍රාත් ගඟ ළඟට ගියේය; එවිට යොෂියා රජ ඔහුට විරුද්ධව ගියේය. මිසරයේ රජද මෙගිද්දෝහිදී ඔහු දුටු විට ඔහු මැරීය.
යෝරාම්ගේ අනික් ක්‍රියාවල්ද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?