Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 14:29 - Sinhala Revised Old Version

29 රෙහොබොවම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 රෙහොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 රෙහොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 14:29
22 හුවමාරු යොමු  

යෙහෝෂාපාට්ගේ අනික් කාරණාද ඔහු කළ බලවන්තකම්ද යුද්ධකළ හැටිද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


ආසාගේ අනික් සියලු කාරණාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු කළ සියල්ලද ඔහු ගොඩනැගූ නුවරවල්ද යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? නුමුත් ඔහුගේ මහලු වයසේදී ඔහුගේ පාදවල රෝගයක් සෑදී තිබුණේය.


යෙරොබොවම්ගේ අනික් කාරණා එනම්, ඔහු යුද්ධකළ හැටිද රජකම්කළ හැටිද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.


සාලමොන්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහුගේ ප්‍රඥාවද සාලමොන්ගේ පවත් සඳහන්වූ පොතේ ලියා තිබෙනවා නොවේද?


රජ ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන සියලු ප්‍රස්තාවයන්හිදී මුරකාරයෝ ඒවා උසුලාගන ඇවිත් නැවත මුරගෙට ගෙනගියෝය.


රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල යුද්ධ තිබුණේය.


අබියාම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? අබියාම් සහ යෙරොබොවම් අතරේ යුද්ධ පැවතුණේය.


තමාගේ පියවූ ආසාගේ දවස්වල ඉතුරුවුණ සොදොමියයන් ඔහු දේශයෙන් සිඳදැමුවේය.


යෝරාම්ගේ අනික් ක්‍රියාවල්ද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


ඔහුගේ සේවකයෝ නැගිට කුමන්ත්‍රණයකොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි ගෙයිදී යෝවාෂ් මැරුවෝය.


අමශියාගේ අනික් ක්‍රියා යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


අශරියාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


ෂල්ලුම්ගේ අනික් ක්‍රියාද ඔහු කළාවූ කුමන්ත්‍රණයද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.


යෝතාම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


බලව, ආහාස් කළ අනික් ක්‍රියා යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටිද යූදාහි රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?


මනස්සේගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහු කළ පාපයද ගැන යූදා රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?


ආමොන් කළ අනික් ක්‍රියා යූදා රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?


යොෂියාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


යෙහෝයාකිම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


අමශියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා යූදාහි රජුන්ගේද ඉශ්‍රායෙල් රජුන්ගේද පොතෙහි ලියා තිබෙනවා නොවේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්