තවද පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම්ද නායක පූජකයාද ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබුණ ඒ මුදල් ගණන්කරමින් මිටි බැන්දෝය.
2 රාජාවලිය 22:3 - Sinhala Revised Old Version යොෂියා රජ තමාගේ දහඅටවෙනි අවුරුද්දේදී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශලියාගේ පුත්‍රවූ ෂාපාන් ලේකම ස්වාමීන්වහන්සේගේ ගෘහයට යවමින් කථාකොට: Sinhala New Revised Version ජොෂියා රජ තමාගේ දහඅට වන අවුරුද්දේ දී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශ්ලියාගේ පුත් ෂාපාන් ලේකම් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යවමින් කතා කොට, Sinhala New Revised Version 2018 ජොෂියා රජ තමාගේ දහඅට වන අවුරුද්දේ දී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශ්ලියාගේ පුත් ෂාපාන් ලේකම් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යවමින් කතා කොට, |
තවද පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම්ද නායක පූජකයාද ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබුණ ඒ මුදල් ගණන්කරමින් මිටි බැන්දෝය.
ඒ පාස්කුව ස්වාමීන්වහන්සේ උදෙසා යෙරුසලමේ පවත්වනලද්දේ යොෂියා රජුගේ දහඅටවෙනි අවුරුද්දේදීය.
ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වල, ඔහුගේ රජකමේ දහතුන්වෙනි අවුරුද්දේදී, ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණියේය.
එවිට බාරුක් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ඉහළ මළුවේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අලුත් දොරටුව ළඟ තිබුණාවූ, ලේකම වන ෂාපාන්ගේ පුත්‍රවූ ගෙමරියාගේ ඇතුල් ගෙයි සිට යෙරෙමියාගේ වචන මුළු සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙවුවේය.
ෂාපාන්ගේ පුත්‍රයා වන ගෙමරියාගේ පුත්‍රවූ මීකායා ස්වාමීන්වහන්සේගේ සියලු වචන පොතෙන් ඇසූ කල,
ඔහු රජගෙදරට ලේකමගේ ඇතුල්ගෙට බැසගියේය. එහි සියලු අධිපතියෝ වන එලිෂාමා ලේකමද ෂෙමායාගේ පුත්‍රවූ දෙලායාද අක්බොර්ගේ පුත්‍රවූ එල්නාතාන්ද ෂාපාන්ගේ පුත්‍රවූ ගෙමරියාද හනනියාගේ පුත්‍රවූ ශෙදෙකියාද අනික් සියලු අධිපතියෝද වාඩිවී උන්නෝය.