මෙය නුඹට ලකුණු වන්නේය. එනම් මේ අවුරුද්දේ ඉබේම හටගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.
2 රාජාවලිය 20:9 - Sinhala Revised Old Version යෙසායා කථාකොට: ස්වාමීන්වහන්සේ කී දේ කරන බවට ස්වාමීන්වහන්සේගෙන් නුඹට ලැබෙන ලකුණ මේය: එනම් ඡායාව අංශක දසයක් ඉස්සරහට යන්ටද නැතහොත් පස්සට හැරී එන්ටදැයි ඇසීය. Sinhala New Revised Version යෙසායා කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ කරන බවට සමිඳාණන් වහන්සේගෙන් ඔබට ලැබෙන ලකුණ මේ ය: එනම්, පඩි පෙළේ ඡායාව අංශක දසයක් ඉස්සරහට යනවාට හෝ පස්සට හැරී එනවාට හෝ කැමැති දැ”යි ඇසී ය. Sinhala New Revised Version 2018 යෙසායා කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ කරන බවට සමිඳාණන් වහන්සේගෙන් ඔබට ලැබෙන ලකුණ මේ ය: එනම්, පඩි පෙළේ ඡායාව අංශක දසයක් ඉස්සරහට යනවාට හෝ පස්සට හැරී එනවාට හෝ කැමැති දැ”යි ඇසී ය. |
මෙය නුඹට ලකුණු වන්නේය. එනම් මේ අවුරුද්දේ ඉබේම හටගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.
හෙසකියාද: ඡායාව අංශක දශයක් බසින එක සුළු දෙයක්ය; එසේ නොව ඡායාව අංශක දශයක් පස්සට හැරී ඒවයි කීවේය.
හෙසකියා යෙසායාට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සුවපත් කරන බවටත් තුන්වෙනිදා මා ස්වාමීන්වහන්සේගේ ගෘහයට යන බවටත් ලකුණ කිමෙක්දැයි ඇසුවේය.
ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුරවිය. ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා ඔහු ළඟට ඇවිත්: නුඹේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද නුඹ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.
ස්වාමීන්වහන්සේ අමෝරිවරුන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පාවාදුන් ඒ දවසේදී යෝෂුවා ස්වාමීන්වහන්සේට කථාකොට මුළු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවෙහිදී කියනුයේ: එම්බා සූර්යය, තෝ ගිබියොන් පිටද, චන්ද්‍රය, තෝ ආයාලොන් මිටියාවත පිටද නැවතී සිටිව්යයි කීවේය.
එහෙත් ඔවුන්–අප ළඟට නැගී එන්නැයි කීවොත්, අපි නැගී යමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබේ. ඒක අපට ලකුණ වන්නේයයි කීය.