Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 20:9 - Sinhala New Revised Version

9 යෙසායා කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ කරන බවට සමිඳාණන් වහන්සේගෙන් ඔබට ලැබෙන ලකුණ මේ ය: එනම්, පඩි පෙළේ ඡායාව අංශක දසයක් ඉස්සරහට යනවාට හෝ පස්සට හැරී එනවාට හෝ කැමැති දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 යෙසායා කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ කරන බවට සමිඳාණන් වහන්සේගෙන් ඔබට ලැබෙන ලකුණ මේ ය: එනම්, පඩි පෙළේ ඡායාව අංශක දසයක් ඉස්සරහට යනවාට හෝ පස්සට හැරී එනවාට හෝ කැමැති දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 යෙසායා කථාකොට: ස්වාමීන්වහන්සේ කී දේ කරන බවට ස්වාමීන්වහන්සේගෙන් නුඹට ලැබෙන ලකුණ මේය: එනම් ඡායාව අංශක දසයක් ඉස්සරහට යන්ටද නැතහොත් පස්සට හැරී එන්ටදැයි ඇසීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 20:9
10 හුවමාරු යොමු  

“මෙය නුඹට ලකුණක් වන්නේ ය. එනම්, මේ අවුරුද්දේ ඉබේ ම හටගන්න ධාන්‍ය සහ දෙ වන අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනු ඇත. තුන් වන අවුරුද්දේ නුඹලා අස්වැන්න වපුරා කපාගන්න. මිදි වතුත් වවා ඒවායේ පල කන්න.


හෙසකියා යෙසායාට කතා කොට, “සමිඳාණන් වහන්සේ මා සුවපත් කරන බවටත්, තුන් වන දා මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවටත් ලකුණ කිමෙක් දැ”යි ඇසී ය.


හෙසකියා ද, “ඡායාව අංශක දසයක් ඉස්සරහට යන එක සුළු දෙයකි, එසේ නොව ඡායාව අංශක දසයක් පස්සට හැරී ඒ වා”යි කී ය.


ඒ කාලයේ දී හෙසකියා රජු මරණාසන්න වන තරම් රෝගාතුර විය. ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, “ඔබ සනීප නොවී මැරෙන බැවින් සියලු දේ පිළියෙළ කොට තැබිය යුතු යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.


සමිඳාණන් වහන්සේ අමෝරිවරුන් ඉශ්රායෙල් සෙනඟට පාවා දුන් ඒ දවසේ දී ජෝෂුවා සමිඳාණන් වහන්සේට කතා කොට, මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි මෙසේ කීවේ ය: “එම්බා සූර්යය! ගිබියොන්ට ඉහළින් නොසෙල් වී සිටින්න; එම්බා චන්ද්‍රය! අයාලෝන් මිටියාවත ඉහළින් එසේ ම සිටින්න.”


ඔවුන් ළඟට එන්නැ යි අපට කීවොත්, අපි ඔවුන් වෙත නැඟී යමු. සමිඳාණන් වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබෙන බවට එය ලකුණකි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්