ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 20:7 - Sinhala Revised Old Version

එවිට යෙසායා: අත්තික්කා කැටියක් ගෙනෙන්නැයි කීය. ඔව්හු ගෙනවුත් එය ගෙඩිය පිට තැබුවෝය, එවිට ඔහුට සුවවිය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට යෙසායා, “අත්තික්කා පැලැස්තරයක් ගෙනෙ‍න්නැ”යි කී ය. ඔව්හු එය ගෙනවුත් එය වණය පිට තැබුවෝ ය. එවිට රජ සුවපත් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට යෙසායා, “අත්තික්කා පැලැස්තරයක් ගෙනෙ‍න්නැ”යි කී ය. ඔව්හු එය ගෙනවුත් එය වණය පිට තැබුවෝ ය. එවිට රජ සුවපත් විය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 20:7
5 හුවමාරු යොමු  

නුඹේ වයසට පහළොස් අවුරුද්දක් එකතුකරන්නෙමි; මම අෂූර්හි රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා, මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර රැකගන්නෙමියි කියා කියන්නැයි කීවේය.


හෙසකියා යෙසායාට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සුවපත් කරන බවටත් තුන්වෙනිදා මා ස්වාමීන්වහන්සේගේ ගෘහයට යන බවටත් ලකුණ කිමෙක්දැයි ඇසුවේය.


ඔවුන්ට ඒවා කන්ට නොහැකිවිය. ඔහුද: එසේවීනම් පිටි ගෙනෙන්නැයි කියා ඒවා සැළියෙහි දමා කථාකොට: කන පිණිස සෙනඟට වත්කර දෙන්නැයි කීවේය. එවිට සැළියෙහි කිසි වසක් නොවීය.


යෙසායා කථාකොට: ඔව්හු අත්තික්කා කැටියක් ගෙන කොටා වණය පිට තබත්වා; එවිට ඔහුට සුවවන්නේයයි කියා තිබුණේය.