ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 2:14 - Sinhala Revised Old Version

එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව අරගෙන: එලියාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොයිද කියා වතුරට ගැසුවේය. ඔහුත් වතුරට ගැසූවිට එය දෑතට බෙදී ගියේය. එලිෂා එගොඩවුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉන්පසු එලිෂා ජොර්දානය අද්දර සිට, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන, “එලියාගේ දෙවි සමිඳාණන් වහන්සේ කොතැන ද,” කියා වතුරට ගැසී ය. ඔහුත් වතුරට ගැසූ විට එය දෑතට බෙදී ගියේ ය. එලිෂා එගොඩ විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉන්පසු එලිෂා ජොර්දානය අද්දර සිට, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන, “එලියාගේ දෙවි සමිඳාණන් වහන්සේ කොතැන ද,” කියා වතුරට ගැසී ය. ඔහුත් වතුරට ගැසූ විට එය දෑතට බෙදී ගියේ ය. එලිෂා එගොඩ විය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 2:14
16 හුවමාරු යොමු  

එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන හැරී ඇවිත් යොර්දාන අද්දර සිට,


එවිට ඔහු ගෙහාසීට කථාකොට: ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙක් සම්බවුණත් ඔහුට ආචාර කරන්නේවත් යමෙක් නුඹට ආචාරකළත් ඔහුට උත්තරදෙන්නේවත් නැතුව ගොස්, මාගේ සැරයටිය ළමයාගේ මුහුණ පිට තබන්නැයි කීවේය.


ඔවුන්ගේ දෙවියෝ දැන් කොතැන්හිදැයි ජාතීන් විසින් කියන්ට ඉඩදෙන්නේ මන්ද?


මාගේ එදිරිකාරයෝ: නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි නිතර මට කියමින්, මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක්මෙන් මට නින්දාකෙරෙති.


දෙවියන්වහන්සේ කෙරෙහි එනම් ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි මාගේ ආත්මය පිපාසවේ. මම කවදා ඇවිත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනෙම්ද?


ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදට ගියෝය. ජලය ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ඔවුන්ට තාප්පයක් මෙන් විය.


මිසර දේශයෙන් අප පිටතට ගෙන, මරුකතර සහ වළවල් ඇත්තාවූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තාවූ දේශයක්ද කිසිවෙකු නොගැවසුණාවූ කිසි මනුෂ්‍යයෙකු වාසය නොකළාවූ දේශයක්ද වන කාන්තාරය මැදින් අප ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කොයිදැයි ඔව්හු නෑසුවෝය.


ස්වාමීන්වහන්සේගේ සේවකවූ පූජකයෝ ද්වාරමණ්ඩපය සහ පූජාසනය අතරෙහි සිට අඬමින්: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟට කරුණාකළ මැනව, ඔවුන් කෙරෙහි ජාතීන් විසින් ආණ්ඩුකරන හැටියට ඔබගේ උරුමය නින්දාවට පාවා නුදුන මැනව. ඔවුන්ගේ දෙවියන්වහන්සේ කොතනදැයි ජනයන් අතරේ මක්නිසා කියනු ලබන්නේදැයි කියත්වා.


ඔව්හු පිටත්ව ගොස්, සියලු තැන්වලම දේශනා කළෝය. ස්වාමීන්වහන්සේද ඔවුන් සමඟ ක්‍රියාකරමින් ඔවුන් අතින් සිදුවූ ලකුණුවලින් වචනය ස්ථිරකළසේක. ආමෙන්.


සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.


එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක.


ගිඩියොන් ඔහුට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක් නම් මේ සියල්ල අපට සිද්ධවී තිබෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අප මිසරයෙන් ගෙනාවා නොවේද කියා අපේ පියවරුන් අපට කියාදුන් උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොයිද? දැන් නම් ස්වාමීන්වහන්සේ අප අත්හැරදමා මිදියන්වරුන් අතට අප පාවාදුන්සේකැයි කීවේය.