එවිට එලියා මුළු සෙනඟ ළඟට ඇවිත් කථාකොට: නුඹලා කොපමණ කල් කල්පනා දෙකක් අතරේ හිරවී සිටිනවාද? ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ නම් උන්වහන්සේ අනුව යන්න. බාල් දෙවියන්වහන්සේ නම් ඔහු අනුව යන්නැයි කීවේය. නුමුත් සෙනඟ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත.
2 රාජාවලිය 17:41 - Sinhala Revised Old Version මෙසේ මේ ජාතීහු ස්වාමීන්වහන්සේ කෙරෙහි භය පවත්වමින් තමුන්ගේ රූපවලට සේවයකළෝය; එලෙසම ඔවුන්ගේ දරුවෝද දරුවන්ගේ දරුවෝද තමුන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කෙරෙති. Sinhala New Revised Version මෙසේ මේ විජාතීහු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වමින් තමන්ගේ රූපවලට සේවය කළහ. එලෙසම ඔවුන්ගේ දරුවෝ ද දරුවන්ගේ දරුවෝ ද තමන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කරති. Sinhala New Revised Version 2018 මෙසේ මේ විජාතීහු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වමින් තමන්ගේ රූපවලට සේවය කළහ. එලෙසම ඔවුන්ගේ දරුවෝ ද දරුවන්ගේ දරුවෝ ද තමන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කරති. |
එවිට එලියා මුළු සෙනඟ ළඟට ඇවිත් කථාකොට: නුඹලා කොපමණ කල් කල්පනා දෙකක් අතරේ හිරවී සිටිනවාද? ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ නම් උන්වහන්සේ අනුව යන්න. බාල් දෙවියන්වහන්සේ නම් ඔහු අනුව යන්නැයි කීවේය. නුමුත් සෙනඟ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත.
ගෙවල් මුදුනේ සිට අහස් සේනාවට නමස්කාරකරන්නන්ද, ස්වාමීන්වහන්සේට, දිවුරා මල්කාම් නමිනුත් දිවුරා නමස්කාරකරන්නන්ද,
ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.