ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ විසිහත්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ අමශියාගේ පුත්‍රවූ අශරියා රජවුණේය.
2 රාජාවලිය 15:17 - Sinhala Revised Old Version යූදාහි රජවූ අශරියාගේ තිස්නවවෙනි අවුරුද්දේදී ගාදීගේ පුත්‍රවූ මෙනහෙම් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී සමාරියේ දස අවුරුද්දක් රජකම් කෙළේය. Sinhala New Revised Version ජුදාහි රජ වූ උශ්ශියාගේ තිස්නව වන අවුරුද්දේ දී ගාදීගේ පුත් මෙනහෙම් ඉශ්රායෙල්වරුන්ගේ රජ වී සමාරියේ දස අවුරුද්දක් රජකම් කෙළේ ය. Sinhala New Revised Version 2018 ජුදාහි රජ වූ උශ්ශියාගේ තිස්නව වන අවුරුද්දේ දී ගාදීගේ පුත් මෙනහෙම් ඉශ්රායෙල්වරුන්ගේ රජ වී සමාරියේ දස අවුරුද්දක් රජකම් කෙළේ ය. |
ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ විසිහත්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ අමශියාගේ පුත්‍රවූ අශරියා රජවුණේය.
එවිට ගාදීගේ පුත්‍රවූ මෙනහෙම් තිර්ශා සිට පිටත්වී සමාරියට ඇවිත් යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම්ට සමාරියේදී පහරදී ඔහු මරා, ඔහු වෙනුවට රජවුණේය.
ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු තමාගේ සියලු දවස්වල අහක්නොවී සිටියේය.
රෙමලියාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල්හි රජවූ පෙකාගේ දෙවෙනි අවුරුද්දේදී යූදාහි රජවූ උස්සියාගේ පුත්‍රවූ යෝතාම් රජවුණේය.
යූදාහි රජවූ අශරියාගේ තිස්අටවෙනි අවුරුද්දේදී යෙරොබොවම්ගේ පුත්‍රවූ ශෙකරියා සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි හමාසයක් රජකම්කෙළේය.
ඔව්හු මාගේ කැමැත්ත නැතුව රජවරුන්ද මා විසින් පිළිනොගත් අධිපතීන්ද පත්කරගත්තෝය. ඔව්හු සිඳදමනු ලබන ලෙස තමුන්ගේ රන් රිදීවලින් දේවරූප සාදාගත්තෝය.