Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 15:32 - Sinhala Revised Old Version

32 රෙමලියාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල්හි රජවූ පෙකාගේ දෙවෙනි අවුරුද්දේදී යූදාහි රජවූ උස්සියාගේ පුත්‍රවූ යෝතාම් රජවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 රෙමලියාගේ පුත් ඉශ්රායෙල්හි රජු වන පෙකාගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ උශ්ශියාගේ පුත් ජෝතාම් රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 රෙමලියාගේ පුත් ඉශ්රායෙල්හි රජු වන පෙකාගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ උශ්ශියාගේ පුත් ජෝතාම් රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 15:32
17 හුවමාරු යොමු  

ඔහුගේ පුත්‍රයා අමශියාය, ඔහුගේ පුත්‍රයා අසරියාය, ඔහුගේ පුත්‍රයා යෝතාම්ය;


අශරියා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් ඔහු වෙනුවට රජවුණේය.


උස්සියාට දාව යෝතාම් උපන්නේය; යෝතාම්ට දාව ආහාස් උපන්නේය;


යූදාහි රජවූ අශරියාගේ පනස්දෙවෙනි අවුරුද්දේදී රෙමලියාගේ පුත්‍රවූ පෙකා සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී විසි අවුරුද්දක් රජකම්කෙළේය.


යූදාහි රජවූ අශරියාගේ පනස්වෙනි අවුරුද්දේදී මෙනහෙම්ගේ පුත්‍රවූ පෙකහියා සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී විසි අවුරුද්දක් රජකම්කෙළේය.


යූදාහි රජවූ අශරියාගේ තිස්නවවෙනි අවුරුද්දේදී ගාදීගේ පුත්‍රවූ මෙනහෙම් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී සමාරියේ දස අවුරුද්දක් රජකම් කෙළේය.


යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම් යූදාහි රජවූ උස්සියාගේ තිස්නවවෙනි අවුරුද්දේදී රජවී මාසයක කාලය සමාරියෙහි රජකම්කෙළේය.


ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ විසිහත්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ අමශියාගේ පුත්‍රවූ අශරියා රජවුණේය.


එකල යූදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්ව සිටි අශරියා කැඳවාගෙන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය.


පෙකාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.


ඔහු විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙරුෂාය, ඈ ශාදොක්ගේ දුවණියක්ය.


මේ සියල්ලෝම යූදාහි රජවූ යෝතාම්ගේ දවස්වලදීද ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලදීද පෙළපත් වශයෙන් ලියවුණෝය.


යූදාහි රජවරුන්වූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වලදී යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටුදර්ශනයය.


යෝතාම්ද ආහාස්ද හෙසකියාද යන යූදාහි රජවරුන්ගේ දවස්වලදී මොරෂ්තිය මීකා වෙතට පැමින්නාවූ, සමාරිය සහ යෙරුසලම ගැන ඔහු දුටුවාවූ ස්වාමීන්වහන්සේගේ වචනයය.


ස්වාමීන්වහන්සේ රජුට පහරදුන්සේක, ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨරෝගියෙක්ව, වෙනම ගෙයක වාසයකෙළේය. රජුගේ පුත්‍රවූ යෝතාම් රජගෙදර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ විනිශ්චයකෙළේය.


උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ විසිවෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා රෙමලියාගේ පුත්‍රවූ පෙකාට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුට පහරදී මරා ඔහු වෙනුවට රජවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්