ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජගෙයි වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම රැගෙන, සාලමොන් විසින් සාදා තිබුණු සියලු රන් පලිස්ද ගෙන ගියේය.
2 රාජාවලිය 14:14 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් රජගෙයි ගබඩාවලත් තිබුණු රන් රිදී සියල්ලද භාජන සියල්ලද ඇපකාරයන්ද රැගෙන, සමාරියට හැරී ගියේය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ මැදුරේ ගබඩාවලත් තිබූ රන් රිදී සියල්ල ද භාජන සියල්ල ද ඇපකාරයන් ද රැගෙන ආපසු හැරී සමාරියට ගියේ ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ මැදුරේ ගබඩාවලත් තිබූ රන් රිදී සියල්ල ද භාජන සියල්ල ද ඇපකාරයන් ද රැගෙන ආපසු හැරී සමාරියට ගියේ ය. |
ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජගෙයි වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම රැගෙන, සාලමොන් විසින් සාදා තිබුණු සියලු රන් පලිස්ද ගෙන ගියේය.
එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවල ඉතුරුව තිබුණු රන් රිදී සියල්ලද රජගෙයි තිබුණු වස්තුද ගෙන තමාගේ සේවකයන්ගේ අතට භාරදී, දමස්කයෙහි විසූ සිරියේ රජවූ, හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිම්මොන්ගේ පුත්‍රවූ බෙන්-හදද්ට ඒවා යවමින්:
මෙලෙස සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කෙරෙවු සියලු වැඩ නිමවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකළදේ එනම් රිදීද රන්ද බඩුද ඇතුළට ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.
එවිට යූදාහි රජවූ යෙහෝවාෂ් තමාගේ පියවරුන්වූ යෙහෝෂාපාට්ද යෙහෝරාම්ද අහසියාද යන යූදාහි රජවරුන් විසින් කැපකළ සියලුම ශුද්ධ දේවල්ද තමාගේම ශුද්ධ දේවල්ද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවලත් රජ ගෙයිත් තිබුණාවූ සියලු රන්ද රැගෙන සිරියේ රජවූ හසායෙල්ට හැරියේය. එවිට ඔහු යෙරුසලමෙන් අහක්ව ගියේය.
ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇපදුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.
ඔහු ස්වාමීන්වහන්සේ කී ලෙස ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තු සියල්ලද රජගෙයි වස්තුද එතැනින් පිටතට ගෙනයනුයේ, ඉශ්‍රායෙල් රජවූ සාලමොන් විසින් ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලිකොට කැපීය.
ගිනිකබල්ද තාළිද රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නාලද්දේය.